බිළිඳා බේරූ මවත් ජීවිතක්ෂයට. ගැරඬිඇල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ඊයේ (මැයි 11) පෙරවරුවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 22ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.

මෙම බස් රථයේ සුන්බුන්වලට තම සිරුරෙන් කොටසක් යටවී තිබියදීත් මවක් තම මාස 08 ක් වයසැති බිළිඳියක් ආවරණය කරගෙන සිටි දර්ශනය සියලු දෙනාම පාහේ කම්පාවට පත් කළ සංවේදී සිදුවීමක් විය.

ඒ මව සහ බිළිඳිය ආසන්නයේම සිටි පියා ඒ වනවිටත් බස් රථයට යටවී මරණයට පත්ව සිටියේය.

බස් රථයේ සුන්බුන් අතර සිරවී සිටි මගීන් ඉවත් කිරීම සඳහා පැය කිහිපයක් තිස්සේ සිදුකළ ගලවාගැනීමේ මෙහෙයුමකින් පසු ඉහත කී මව සහ බිළිඳිය රෝහල්ගත කෙරිණි.

කෙසේවෙතත් රෝහල්ගත කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ ඒ මව මියගොස් ඇත.

කුඩා දරුවා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...