පුටින් සහ සෙලෙන්ස්කි අතර පෞද්ගලික හමුවේ බලාපොරොත්තුව !

Date:

රෂිකා හෙන්නායක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පෞද්ගලික හමුවක් සිදු වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඒ මැයි 15 වන දින ඉස්තාන්බුල්හිදී වේ.

දිගුකාලීන සාමයක් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේනය සමඟ සෘජු සාකච්ඡා යෝජනා කර තිබෙන අතර, එම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව යුද්ධය අවසන් කිරීම සලකා බැලීම ධනාත්මක ලකුණක් බවත් යුක්‍රේනය සාකච්ඡා සඳහා එකඟ වන්නේ දින 30ක කොන්දේසි විරහිත සටන් විරාමයකට අත්සන් කළහොත් පමණක් බවත්ය. 
 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේන ජනාධිපතිවරයාට බලපෑම් කිරීමෙන් පසු දෙරට අතර සාකච්ජා සඳහා යුක්‍රේනය එකඟතාව පල කර ඇති බව වාර්තා වන අතර, එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයෙන් ඉල්ලා සිටියේ පූර්ව කොන්දේසි නොමැතිව සාම සාකච්ඡා සඳහා එකඟ වන ලෙසයි.  රුසියානු ජනධිපතිවරයා තුර්කියට එනතුරු තමන් බලා සිටින බවද යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
 

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර නායකයින්ගේ පළමු හමුව මෙය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...