හරීන් – මනූෂ සජබෙන් ඉවත් වෙයි. තවත් පෙළක්ම සූදානමින් …. (VIDEO)

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර මහතා ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

“මං විශ්වාස කරනවා – අපි අද ජනාධිපතිතුමාව හම්බුවෙන්න වෙනම කණ්ඩායමක් යනවා, ඒ කණ්ඩායමට අපි කිව්වෙ අවසාන වශයෙන් මේක ඇදුනා වැඩියි. මං පෞද්ගලිකව විශ්වාස කරන්නෙ මේ විදියට රටේ ප්‍රශ්නයක් තියෙන මොහොතේ අපි යම් යම් කැපකිරීම් කරලා මේක බාරගන්න ඕනෙ කියන එක. සමහර වෙලාවට ජනාධිපතිවරයා යන එක පිළිබඳව ස්ථාවර වචනයක් එනකල් තමයි අපි මේ වෙලාවෙ ඉන්නෙ. ඉතින් මගේ උත්සාහය නම් රටේ මේ පත්වෙලා තියෙන තත්වය අනුව තව විනාඩියක්වත් නාස්ති කරන්න හැටියක් නෑ. මේ රටේ එන සුමානෙ වෙනකොට ඩොලර් මිලියන 85කට වැඩිය හොයන්න ඕනෙ මේ දැන් තියෙන තත්වෙන් කරන්න – පැය 3ක් ලයිට් කපලා මේ විදියට තෙල් දෙන්න. ඒ නිසා මේ වෙලාවේ මං එදාත් කිව්වා වගේ අපි යම්කිසි තැනකට එන්න වෙනවා සියලු දෙනාටම. රටේ භීෂණයක් තියෙනවා. මිනිස්සු පාරවල්වල ගහගන්නවා, බඩු හොරකම් කරනවා. මේ සියලු දේත් එක්ක යම්කිසි තීරණයක් ගන්න ඕනෙ. එහෙම නැත්නම් පෞද්ගලික තීරණයක් ගන්නත් මම සූදානමින් මේ අවස්ථාවෙදී ඉන්නෙ. මමත් ස්වාධීන වෙලා, එන කණ්ඩායමක් එක්ක මේ රට වෙනුවෙන් වැඩ කරනවා. මට ඡන්දෙ ඉල්ලුවත් එකයි, නැතත් එකයි. මම විශ්වාස කරනවා ඒ දේ වෙයි කියලා”

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (11) රාත්‍රියේ පැවති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...