අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යෑමට අදාළ සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී කේ. ඩී. එස්. රුවන් චන්ද්‍ර මහතා අත්‍යාවශ්‍ය සේවා කොමසාරි ජනරාල් ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අතිරේක කොමසාරිස්වරුන් ලෙසත් පත්කර ඇත.
එමෙන්ම මෙහි සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් දිස්ත්‍රික්ක 25ම දිස්ත්‍රික් ලේකම්වරුන් පත්කර තිබේ.
ඊට අදාළ අතිවිශෙෂ ගැසට් නිවේදන දෙක ද නිකුත් කර තිබේ.
RN