සජබ පියවරක් පසුපසට ගනී. කොන්දේසි ලිහිල් කරමින් අලුත් නිවේදනයක් ….

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ඊයේ (11) උදෑසන නිවේදනය කළ සමගි ජන බලවේගය ඊයේ රාත්‍රිය වනවිට සිය ස්ථාවරය තරමක් ලිහිල් කරමින් යළිත් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, නිශ්චිත අවම කාලසීමාවක් තුළ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීමට පොරොන්දු වන්නේ නම් ඔහු යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව පවසමිනි.

ඊයේ රාත්‍රියේ පැවති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබුණු අතර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තමන් පක්ෂයෙන් ඉවත් වන බව හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබිණි. ඔහුත් සමග තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම පක්ෂයෙන් ඉවත් වීමට සූදානමින් සිටියදී පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම අලුත් නිවේදනය නිකුත් කර ඇත.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...