චීන නියෝජිතයකු ලෙස ක්‍රියා කළ කැලිෆෝනියා හිටපු නගරාධිපතිනියගේ පාපොච්චාරණය!

රෂිකා හෙන්නායක මැයි 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීන රජයේ රහසිගත නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ ආකේඩියා නගරයේ හිටපු නගරාධිපතිනිය වන අයිලීන් වැන්ග් වරද පිළිගෙන තිබේ.

ඇය ඇමරිකානු රජයට දැනුම් දීමකින් තොරව චීන බලධාරීන්ගේ උපදෙස් මත ප්‍රචාරක කටයුතු මෙහෙයවූ බවට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

ඇය පවත්වාගෙන ගිය පුවත් වෙබ් අඩවියක් හරහා බීජිං පාලනයට පක්ෂපාතී අසත්‍ය තොරතුරු සහ මතවාද පතුරුවා හැරීම සිදු කර ඇති බව හෙළි වී ඇත.

මෙම සිදුවීමත් සමඟ ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, වසර දහයකට වඩා වැඩි සිරදඬුවමකට මුහුණ දීමේ අවදානමක් පවතී.

ඇමරිකානු සහ චීන නායකයන් අතර ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිත පසුබිමක මෙම රාජ්‍ය විරෝධී ක්‍රියාකලාපය අනාවරණය වීම විශේෂත්වයකි.

මෙය මහජන විශ්වාසය කඩකිරීමක් සහ ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස බලධාරීන් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...