රෂිකා හෙන්නායක මැයි 12, කොළඹ LNW :
ශ්රී ලංකාවේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සහ භූතානය අතර පැවති ඉහළ මට්ටමේ කළමනාකරණ සමුළුවක් පැවැත්වුණි.
භූතාන අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී වර්තමාන ව්යාපාරික ක්ෂේත්රය තුළ ප්රත්යස්ථිතිය හෙවත් නම්යශීලී වීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
දූත පිරිස නියෝජනය කළ ශ්රී ලාංකික විද්වතුන් එහිදී පැනල සාකච්ඡා මෙහෙයවීම සහ පර්යේෂණ සැසි සඳහා සක්රීයව දායක වී ඇත.
දකුණු ආසියානු කලාපයේ කළමනාකරණ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් පර්යේෂණ පත්රිකා ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.
ඒ අනුව, මෙමඟින් ඉස්මතු වන්නේ දෙරට අතර ඇති වූ අන්යෝන්ය ශාස්ත්රීය සබඳතාවය සහ බුද්ධිමය හුවමාරුවයි. මෙය කලාපීය සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.



