රෂිකා හෙන්නායක මැයි 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙන් පාසල් නිවාඩු කාලය කලින් ලබාදීමට මෙක්සිකෝ රජය ගත් තීරණය මේ වන විට අවලංගු කර තිබේ.
මුල් සැලසුම වූයේ දැඩි උෂ්ණත්වය සහ ක්‍රීඩා උත්සවය සැලකිල්ලට ගෙන පාසල් වාරය දින 40කින් කෙටි කිරීම වුවද, මවුපියන් සහ අධ්‍යාපන විශේෂඥයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එම තීරණය වෙනස් විය.
අධ්‍යාපන කටයුතු අඩාල වන බවට විචාරකයින් පෙන්වා දුන් අතර, ජනාධිපතිනියගේ මැදිහත්වීමෙන් පැවැති සාකච්ඡාවලින් පසු පැරණි කාලසටහනටම අනුව පාසල් පැවැත්වීමට තීරණය කෙරිණි.
ඒ අනුව, ජූලි 15 වනදා දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන අතර, රටේ යටිතල පහසුකම් සහ ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇත.
අගෝස්තු මස අවසානයේදී නැවත නව පාසල් වාරය ආරම්භ කිරීමට මෙහිදී එකඟතාව පළ වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.
.



