ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය තුළ කටයුතු කිරීමේදී තමන්ට පෙරට වඩා විශාල නිදහසක් හිමිව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් අතර කතාබහට ලක්ව ඇතැයි වාර්තා වේ.
පසුගියදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාගේ නිවයේදී පැවති සුහද හමුවකදී ඔවුන් මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන තරුණ අමාත්‍යවරයකු එහිදී සෘජුවම පවසා ඇත්තේ “අපි දැන් මාර නිදහසේ නේද අයියේ ඉන්නේ. ඉස්සර මෙහෙම සෙට් වුණා නම් අපි වෙනම ගේම් ගහන්න හදනවා කියලා මහින්දලා, බැසිල්ලා ඇවිස්සිලා අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒත් දැන් එහෙම කිසිම කේස් එකක් නෑ. මෙහෙම වැඩ කරන්න තියෙන එක මාර රිලැක්ස්” කියාය.
RN