*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඇමතිගෙ ක්‍රිකට් සහ ක්‍රිකට්

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන සෙවීමට විශේෂ කමිටුවක් පත් කර ඇත.ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉම්රාන් කවාජා ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමට මේ මොහොතේ ලංකාවට පැමිණ ඇත.

ක්‍රීඩාවට දේශපාලනික බලපෑම් ඇතැයි කියා ලැබුණු තොරතුරු මත පැමිණි කවාජාට අද ක්‍රීඩා අමාත්‍යවරයා එවැනි බලපෑම් නැති බව කියන්නට කරුණු ඉදිරිපත් කිරීමට පස්වරුවේ හමු විය.
නමුත් එම හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට ක්‍රිකට් ආයතනයට එහි පාලනයට එපිටින් පත් කර ඇති තාක්ෂණික උපදේශක කමිටුවැනි දේ ගැන කතා කර නැත.ක්‍රිකට් ආයතනය යනු මෙරට වැඩිම ක්‍රීඩා සමාජ සංඛ්‍යාවක පිළිගැනීම ඇතුව බලයට පත් පාර්ශවය විසින් මෙහෙයවන තැනකි.හොඳ හෝ නරක කුමක් වුව බහුතරය එයය.එයට බලපෑම් කිරීම හෝ වෙනස් කිරිම හෝ එසේ කිරිමට උත්සාහ කිරීම අභිමකානුසාරීව අමාත්‍යවරයාට කළ නොහැකි දෙයකි.එයට නීතිමය වශයෙන් සැළකීමට භාජනය කළ යුතු පියවර ඇත.
අමාත්‍යවරයා ගැඹුරෙන් උප සභාපති කවාජාට පෙන්වා දෙන්න උත්සාහ කළේ එයය.අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය ද එය විශේෂ කොට සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් වගකීමට බැදී සිටින බවද සිහිපත් කළ අමාත්‍යවරයා ඉදිරියේදී සියලු පාර්ශවයන් සමඟින් නිවැරදි සැළසුමක් සහිතව වැඩ කටුයුතු කළ යුතු ආකාරය පැහැදිළි කර දුන්නේය.
එම සඳහන එසේ සඳහන් කර ද මෙම සාකච්ඡාවේදී කවාජා ඉතා පැහැදිළිව,සරලව හා සංසුන්ව අමාත්‍යවරයාට, “එම බලයන් අයිසිසි නීතිමය තත්ත්වයන්ට බලපෑමක් නොවන විදිහට නොකළොත් ක්‍රිකට් තහනම් විය හැකි බව පැහැදිළි කර දී ඇත.අමාත්‍යවරයා ක්‍රිඩා නීතිය යනු තමන්ට සිතූ සේ භාවිතයට ගැනීමට හැකි ආයුධයක් සේ ගෙන වළං කඩයට පැන්න ගවයෙක් ගාණට හැසිරෙන්නට නොයා යුතු බව එම වචනවලින් උකහා නොගතහොත් තත්ත්වය බරපතල විය හැකිය.අමාත්‍යවරයාගේ මේ හැසිරීම් ගැන ආණ්ඩුවේ ඉහළට ඇති අවබෝධය නිසාම මේ සාකච්ඡාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීම සඳහා අවශ්‍යය පියවර කතා කිරිමට තවත් පිරිසක් ඉහළින්ම සම්බන්ධ කර තිබූ බව ද අප ගේ නිරීක්ෂණයන්ට අනුව අනාවරණය විය.

එසේම හැම තැනටම කැදවාගෙන යන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන අමාත්‍යවරයාගේ අර්ජුන අයියා ද මේ සාකච්ඡාවට ගාවා ගැනිමෙන් වැළකෙන්නට අමාත්‍යවරයා පරිස්සම් වී ඇත.එසේම ක්‍රීඩාවන්හී නියැළෙන කිසිවෙක් කළ ක්‍රීඩාවක් නොදන්නේ වුව ද,ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩාවන් සම්බන්ධ උපදේශක සුදත් චන්ද්‍රසේකරයන් ද එම අවස්ථාවේ සිටියේ නැත.දිගු ඉණිම් ක්‍රීඩා කර පළපුරුද්දක් ඇති ආරක්ෂිත ක්‍රීඩා රටාවක් ප්‍රගුණ කළ සිදත් වෙත්තමුණි ද අමාත්‍යවරයාගේ ආරක්ෂාවට එහි කැඳවා තිබිණ.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය ජාත්‍යන්තර පවසන්නේ අමාත්‍යවරයා දැක් වූ අදහස්ය. ක්‍රිකට් කවුන්සිලයට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස සාකච්ඡාව තුළදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි. ඒ අනුව ඉදිරියට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ නිවැරදි දේ කිරීමට තමාගේ සහයෝගය ලබා දෙන බව ද පැවසීය.

නමුත් අමාත්‍යවරයාට පිළිතුරු ලෙස අයිසීසී උප සභාපතිවරයා පැවසූ වචනවලින් ක්‍රීඩා අමාත්‍යවරයා තේරුම් ගත යුත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය යනු ලෝකයටම වග කියන දෙයක් බවය.එසේ නොවන තැන දී ඇමතිට හිතූ මතයට වැඩ කරන්නට හැකි පරිදි අයිසීසීයෙන් ඉවත් වී පාපන්දුවට කරන ආකාරයට රට ඇතුළේ විවිධ පාපන්දු සංගම් සම්මේලන මඟින් පවත්වන ලෝකයට පලක් නැති සහ ඉඩක් නැති පාපන්දු තරගාවලිවල ප්‍රධාන ආරාධිතයාව වැජඹෙන්නට රොෂාන් රණසිංහට හැකිය.

ඇමතිවරයාගේ තරම සහ බුද්ධියේ තරම දන්න නිසාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද සිදත් වෙත්තමුණි ද කැටුව අයිසීසි උප සභාපතිවරයාව මුණ ගැසෙන්නට කටයුතු කළ බව සැළය.රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් යනු ඔහුගේ හිතවතුන්ගේ පිණුම් පිටියක් වීමෙන් වැනසෙන්නක් බව ඉතිහාසයේ පටන් ඇති අත්දැකිම්වලින් ඉගෙන ගන්නේ ද නැත.ඒ නිසා සුදත් චන්ද්‍රසේකරගේ සමීපතමයෙක් වීමෙන් තවමත් ඉවක් බවක් නැතිව නීතියත් ක්‍රීඩාවත් සියල්ලට වඩා තනතුර පළල් බව සිතන ක්‍රීඩා අමාත්‍යවරයාට හානියක් නැතැ යි එජාපයේම හිතවතුන් ද පවසන තත්ත්වයට පත්ව ඇත.එසේම මහින්ද රාජපක්ෂගේ ආරක්සාව සහ ඔහුගේ ඔළු ගෙඩි සමඟ රැකී ඇති සිය ධූරය රැක ගැනිමට රාජපක්ෂ පවුලට නැටවිය හැකි රූකඩයක් ක්‍රිඩා ඇමති පුටුවේ තබා ගැනිම ද වැදගත්ය.ඒ තවත් අයගේ අදහසය.කොසේ නමුත් මේ යන හැටියට ඉදිරියේදි ජනාධිපතිතුමාට අයිසිසි වගෙම රගර් ජාත්‍යන්තරය ඉදිරියේද,පාපන්දු ජාත්‍යන්තරයේ ද සමහර විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේද පිරිස් හමු වී අපේ ඔළුවක් නැතිව වැඩ කරන මෝඩයාට සමාවි අප මේ තහනමෙන් ගලවා දෙන්න කියන්නට වෙන තත්ත්වයක් පෙනෙන්නට ඇත.

ලංකාවේ සියල්ල අනතුරේ තිබෙන බව අපි දනිමු.ඒ අතර මේ වන විටත් ක්‍රීඩාව පත් කර ඇති අනතුර භයානකය.ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ කටයුතුවලට පසුගිය කාලයේ වැඩිම මුදලක් ලබා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ය.එවැනි තත්ත්වයක අමාත්‍යවරයා ඒ මුදල් රටට ගෙන එන දොරවල්, සිය උද්ධච්ඡකමේ සහ මුග්ධකමේ යතුරෙන් වසා දමන්නට දරන උත්සාහයට ජනාධිපිතවරයා තව දුරටත් ඉඩ ලබා දෙන්නේද?
අපි විමසිල්ලෙන් සිටිමු!

ඇමති හා කවාජා හමුවේ මෙන්ම කවාජා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් හමුවේද ගත් ඡායාරූප කිහිපයක් මීට අමුණා ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan