Tuesday, May 30, 2023
spot_img

Latest Posts

ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන තෙක් කිසිවක් කරන්න බැහැ – එදිනෙදා කටයුතුත් අර්බුදයක (VIDEO)

කොළඹ LNW: පවතින තත්ත්වය අනුව එදිනෙදා කටයුතු සිදුකිරීම පවා අර්බුදයක්ව පවතින හෙයින් ආදායම,වියදම සහ හිඟය පිළිබඳව මසකට වරක් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් රාජ්‍ය ඇමතිවරයා එය ඉදිරිපත් කරන ලෙසයි ගුණවර්ධන මහතා කියාසිටියේ.

ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් අතරමඟ නතර කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මුදල් නිදහස් නොකෙරෙන බව හෙතෙම සඳහන් කරන ලදී.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වන විට අතරමඟ නතර කර තිබෙන මාර්ග සාමාන්‍ය මට්ටමට වැඩ අවසන් කිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 53ක් පමණ අවශ්‍යව ඇති නමුත් එම මුදල් කිසිවක් ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන තෙක් නොලැබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.