විජේදාසට සභාපතිකම දීම බණ්ඩාරනායක ඝාතනයටත් එහා වැඩක් – දුමින්ද

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වන විජේදාස රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීම නීත්‍යානුකූල නොවන බවත් ඒ සඳහා ඊයේ (12) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා තිබූ රැස්වීම පවා අනීතික බවත් ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

“ඒ අය කැඳවපු රැස්වීම අනීතිකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් නීත්‍යානුකූල මට්ටමින් සිදුවෙලා නැහැ. වාරණයට ලක්වෙච්ච පිරිසක් තමයි අද දිනයේත් අනීතික රැස්වීමක් කැඳවලා තියෙන්නේ. වාරණයට ලක් වෙච්ච පුද්ගලයන්ව ඒ අනීතික රැස්වීමේදී නැවත වතාවක් තනතුරුවලට පත් කරලා තියෙනවා.අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිත්‍යානුකූලව ඉවත් විය යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු පක්ෂයේ සභාපති කරලා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. තවත් විදිහකට කියනවා නම් පක්ෂය සමූල ඝාතනය කිරීමක්.

විජේදාස රාජපක්ෂ මහතා මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් වෙන්න ඕන. ඊට පස්සේ ඒ පක්ෂය අපිට ඒක කියන්න ඕන විජේදාස සාමාජිකයෙක් නොවෙයි කියලා. එතකොට තමයි විජේදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. සාමාජිකයකු නොවන පුද්ගලයකුට පක්ෂයක සභාපති කමක් දරන්න බැහැ”

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...