මුජිබර්ගේ පත්වීමට විරෝධය දක්වමින් පොහොට්ටුව මැතිවරණ කොමිසමට!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මන්ත්‍රී සංසඳය අද (13) රාජගිරිය මැතිවරණ කාර්යාලයට මැතිවරණ කොමසාරිස්ට සංදේශයක් භාරදිම සඳහා පැමිණීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබාදීම නීති විරෝධී බව සඳහන් කරමින් එයට විරෝධය දැක්වීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයින් එලෙස පැමිණෙන්නේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ එම ධූරය අහෝසි කරමින් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු සමඟි ජන බලවේගයේ නිල භාවයට අභියෝග කරන තත්ත්වයක් උද්ගත තිබේ.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ශවය පවසන්නේ එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව යමින් සමඟි ජන බලවේගයේද වලංගුභාවයක් නොමැති අට්‍ර්හ එම පක්ෂයේ අයිතිය නැවත ලබා ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි.

ඩයනා ගමගේ මහත්මියට ලැබුණු අධිකරණ තීන්දුවෙන් පසුව හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා සමඟි ජන බලවේගය මුජිබර් රහුමාන් මහතා පත්කෙරුණු අතර පසුගිය සතියේම ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...