සටහන – රෂිකා හෙන්නායක
මැයි 13, කොළඹ (LNW): අද (13) දින දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව පැවසේ.
ඒ මහතා, ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා දේශපාලන නායකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇතැයි පැවසේ.