දීප්ති රොමේෂ්ගෙන් අඛණ්ඩ ජයග්‍රාහී පිරිනැමීමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 13, කොළඹ (LNW): මධ්‍යම ආසියානු වොල්බෝල් සූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව වට 3-0 ක් පහසු ජයක් ලබා ගන්නට සමත් වුණා.පළමු වටය ලකුණු 25 – 19 ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණත් දෙවන වටයේදී ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 19 ලබා ගනිද්දිත් ශ්‍රී ලංකාව සිටියේ 16 වන ලකුණේයි.එහෙත් එතැන් පටන් නායක දීප්ති රොමේෂ් සිය පන්දු පිරිනැමීමෙන් ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 19 සිටියදීම,ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 23 දක්වා ගෙන එමින් ලකුණු 7 ක් එක දිගට ලබා ගැනීමට කටයුතු කළා.එහිදී දීප්තිගේ පිරිනැමීම ඉහළ මට්ටමක තිබීම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් හැටියට දැක් වූ දායකත්වය ද නිසා එම වටයේ අවසාන ලකුණු සටහන 25 – 20 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිවෙමින් නිමා වුණා.


පකිස්තානය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි දෙවන වටය පකිස්තානය ජය ගැනීමෙන් නිමා කළ පසුව තෙවන වටයේදී වඩාත් විශ්වාසයෙන් ප්‍රතිවාදීන් කෙරෙහි පීඩනය යොමු කළ පකිස්තානය මෙන්ම මෙම තරගයේදීත් ශ්‍රී ලංකාව තෙවන වටයේදී වඩාත් බලසම්පන්න ක්‍රීඩා රටාවක් අනුගමණය කළා.එහි ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාවට තෙවන වටයේ ජය හිමි වුණේ ලකුණු 25 – 14 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...