ට්‍රම්ප්ගෙන් සෞදි අරාබියට ඩොලර් බිලියන 100 කට වඩා වටිනා ආයුධ පැකේජයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන පදවි ප්‍රාප්තියේ ප්‍රථම සංචාරය ආරම්භ කරමින් අද දින සෞදි අරාබියේ රියාද් වෙත පැමිණ තිබේ.

සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අතිශය උත්කර්ෂවත් ලෙස ජනාධිපති ට්‍රම්ප් පිළිගෙන තිබු අතර රියාද්හි අල් යමමා මාලිගාවේ නිල පැමිණීමේ උත්සවයක් හා භෝජන සංග්‍රහයන් ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් සුදානම් කර තිබිණි.

ට්‍රම්ප් ප්‍රථමයෙන් සෞදි-ඇමරිකානු ආයෝජන සංසදයක් පැවැත්වෙන රියාද් වෙත පැමිණෙන අතර බදාදා කටාර් වෙත සහ බ්‍රහස්පතින්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යනු ඇත. මෙහිදී ජනාධිපතිවරයා රියාද් නැවතුම අතරතුර, සෞදි අරාබියට ඩොලර් බිලියන 100 කට වඩා වටිනා ආයුධ පැකේජයක් ලබා දීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

මෙවර සංචාරයේදී ආර්ථික ගනුදෙනු කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර ඇමරිකානු ආයෝජනා ඉහල නංවා ගැනීම මෙහිදී ජනාධිපතිවරයා අපේක්ෂා කෙරේ.

මෙවර ජනාධිපති ට්‍රම්ප් සමඟ ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී සහ ට්‍රම්ප් උපදේශක එලොන් මස්ක් මෙන්ම බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් සහ සිටිගෲප් ප්‍රධාන විධායක නිලධාරී ජේන් ෆ්‍රේසර් ඇතුළු ව්‍යාපාරික නායකයින් ජනාධිපතිවරයා සමඟ ගමන් කරන අතර රාජ්‍ය ලේකම් සහ ජාතික ආරක්ෂක උපදේශක මාර්කෝ රුබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද මෙම සංචාරයේ සිටින අය අතර වේ.

එක්සත් ජනපද ජනාධිපතිවරුන් එක්සත් රාජධානිය, කැනඩාව හෝ මෙක්සිකෝවට සංචාරය කිරීමේ සම්ප්‍රදාය බිඳ දමමින් ට්‍රම්ප් සෞදි අරාබිය ඔහුගේ පළමු ධූර කාලයේ පළමු ප්‍රධාන සංචාරය බවට පත්කරගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...