”ජලය සහ රුධිරය එකට ගලා යා නොහැකියි” – සටන් විරාමය මැද අගමැති මෝදි පාකිස්ථානයට අනතුරු අඟවයි!

Date:

කොළඹ LNW:ඇමරිකාවේ මැදිහත්වීම මත දින හතරක ගැටුම්වලින් පසු ඉන්දු පාකිස්ථාන සටන් විරාමයෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පළමු වරට ජාතිය අමතමින් ත්‍රස්තවාදයට එරෙහිව දැඩිව ප්‍රතිචාර දක්වන බව අවධාරණය කළේය.

තම දේශයට එරෙහි න්‍යෂ්ටික තර්ජනයක් ඉවසන්නේ නැති බවයි අගමැතිවරයා සඳහන් කළේ.

පහල්ගම් ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත සිදුවුවහොත් ඉන්දියාවේ සන්නද්ධ හමුදා විසින් ප්‍රතිප්‍රහාර දියත් කරන බව මෝදි අගමැතිවරයා පැවසුවේය..

පාකිස්ථානයේ ප්‍රහාරවලට සහ අතීතයේ බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට එරෙහිව ජාතිය ආරක්ෂා කිරීම සඳහා කැපවූ සන්නද්ධ හමුදාවන්ට අගමැතිවරයා සිය ස්තූති පලකළ අතර “සෑම ඉන්දියානුවෙක්ම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබ ඉතිහාසය ලියා තිබෙනවා. මම ඔබේ ආශිර්වාදය ලබා ගැනීමට ආවා..ත්‍රස්තවාදීන් අපට අභියෝග කළා. නමුත් ඔබ ඔවුන්ට හිසට පහර දුන්නා. ඔබ ඔවුන්ගේ කඳවුරු විනාශ කර ත්‍රස්තවාදීන් 100ක් මරා දැමුවා. ඔවුන් අපට පහර දීමට උත්සාහ කළහොත් එහි ප්‍රතිඵලය ඔවුන්ගේ විනාශය බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා,” යනුවෙන් එහිදී අගමැතිවරයා ජාතිය අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේය.

ජලය සහ රුධිරය එකට ගලා යා නොහැකි බව කී අගමැති මෝදි ඉන්දියාව සමඟ ඇති ජල ගැටලුව සාමකාමී සාකච්ඡා මගින් විසඳනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කරන ලදී.

ගැටුම් සම්බන්ධයෙන් පාකිස්ථානය පවසා තිබුණේ ඉන්දියාව සතු මිල අධික හා බලගතු රුසියානු නිෂ්පාදිත S-400 මිසයිල ආරක්ෂක පද්ධතියේ තුනෙන් එකක් මේ වන විට විනාශ වී ඇති බවයි.

කෙසේවෙතත් අගමැති මෝදී ජාතිය අමතන විට ඔහුගේ පසුබිමින් පෙනෙන්නට තිබුණේද හානියක් වී නොමැති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන S-400 මිසලයක් වීමද ඉන්දියාවේ ස්ථාවරය තවදුරටත් සහතික කිරීමක් ලෙස දැක්විය හැකියි.

දෙපාර්ශ්වය විසින්ම මේ වනවිට දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර හා ගුවන් ප්‍රහාර සිදු කර තිබෙන අතර ගැටුමට මුල් වුණේ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් හි දු වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 ක් ඝතනය වීමයි.

එම ප්‍රහාරයට පාකිස්තානය පදනම් කරගත් ලෂ්කර්-ඊ-තායිබා සන්නද්ධ කණ්ඩායමකට ඉන්දියාව චෝදනා කළද පාකිස්ථානය ප්‍රකාශ කළේ එම කණ්ඩායමට සහය නොදෙන බවයි.

මේ අත, ඉන්දියාව සින්ඩූර් මෙහෙයුම දියත් කළ දා සිට හමුදා ගැටුමේදී තම සොල්දාදුවන් 11 දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්ථානය අද (13) නිවේදනය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එකක් ජනතා විරෝධී ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...