කැබිනට්ටුවට පිරිසක් එවනවා නම් ඉක්මනින් කියන්න – සජිත්ගේ ලිපියට ජනපති යැවූ පිළිතුර …

Date:

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (12) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන් මුලින්ම ආරාධනා කළේ සජිත් ප්‍රේමදාස මහතාට වූ නමුත් ඒ මහතා එය ප්‍රතික්ෂේප කිරීම තුළ අනෙකුත් පක්ෂ සමඟත් සාකච්ඡා කර ඒවායේ ප්‍රතිඵලයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීමට තමන් කටයුතු කළ බවයි ජනාධිපතිවරයා එහි පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම පවතින දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා සමගි ජන බලවේගයේ යම් පිරිසක් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව දැනුම් දෙන ලෙසත් ජනාධිපතිවරයා තම ලිපියෙන් සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබේ.

No photo description available.
May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...