රටේ ආණ්ඩු හැදෙන්න ඕනෑ කාදිනල් හිමිට ඕනෑ හැටියටද ??

Date:

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම කිසිසේත්ම පිළි නොගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඊයේ (12) මාධ්‍ය හමුවක් පවත්වලාම ප්‍රකාශ කළා. කාදිනල් හිමියන් පෙනී හිටියේ “සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක්” වෙනුවෙන්.

මෙතන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා.

පළවෙනි එක, මේ ජනාධිපතිවරයා පත්වුණේත් කාදිනල් හිමියන්ගේ මැදිහත් වීමක් එක්ක. ඒකෙ ආයෙ හංගන්න දෙයක් නෑ. උදේම ගිහින් යුතුකම ඉටුකරන්න කියලා කාදිනල් හිමියනුත් කිව්වා. එතකොට එහෙම කාදිනල් හිමිගේත් වක්‍ර සහාය මත පත්වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තුළ තමයි රටේ මිනිස්සු මේ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට මුහුණ පාලා ඉන්නෙ. එදා එතුමා ගත්තු තීන්දුව හොඳටම වැරදුණා කියන එක පැහැදිලියි දැන් මොනවා කිව්වත්. එතකොට දැන් එතුමා කියන එක එදා වගේ වරදින්නේ නැතිවෙයි කියලා මිනිස්සු කොහොමද විශ්වාස කරන්නෙ ?

දෙවැනි එක, කාදිනල් හිමියනුත් පෙනී ඉන්නෙ “අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක්” වෙනුවෙන්. මහානායක හිමිවරුන් ගෙනාව යෝජනාව ගැන කාදිනල් හිමි කිව්වත් ඔය “සර්ව පාක්ෂික අන්තර්වාර” කතාව මුලින්ම ඇදගෙන ආවෙ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 සන්ධානය විසින්. ඇත්තෙන්ම ඒ කියන සර්ව පාක්ෂික ආණ්ඩුව හැදුණොත් අගමැතිවරයා කවුරු වුණත් ඒ ආණ්ඩුවෙන් 50%ක විතර බලය හසුරුවන්නේ මෛත්‍රීපාල සිරිසේන කියන එක පැහැදිලියි. මොකද ඔහු විසින් මෙහෙයවන “ස්වාධීන කණ්ඩායමට” මන්ත්‍රීවරුන් 40 – 50 අතර සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට එහෙම ආණ්ඩුවක් හදපුවාම කාදිනල් හිමියන්ම කියන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගන්න පුළුවන් වෙයිද ? කාදිනල් හිමියන්ම කියන විදියට මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවාගන්න එහෙම ආණ්ඩුවකින් පුළුවන් කියලා කාදිනල් හිමියන් විශ්වාස කරනවාද ??

ඔය ප්‍රශ්න දෙකට අමතරව අනිත් කතාව වෙන්නේ ඔය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලාත් කාලයක් තිස්සේ මේ රටේ දේශපාලනයට සෘජුවම මැදිහත් වුණු අය හැටියට උන් වහන්සේලාත් කාදිනල් හිමියනුත් ඇතුළු ආගමික නායකයින්ට ඕනෑ ඕනෑ හැටියටද මේ රටේ ආණ්ඩු හැදිය යුත්තේ කියන එකයි. මගේ නම් අදහස එහෙම මැදිහත් වීමකින් හැදෙන ආණ්ඩුවකට වඩා වෙන ඕනෙම එකක් හොඳ වෙන්න පුළුවන් කියන එකයි ….

  • දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...