අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා දේශබන්දුගෙන් අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් ?

Date:

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන්ව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇති අතර එහිදී තමන්ව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව පවසමින් ඒ මහතා මෙසේ අපේක්ෂිත ඇප ඉල්ලා සිටීමට සූදානම් වන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මැයි 09 වනදා ගෝල්ෆේස් විරෝධතාවට පහරදීමේ සිද්ධියට අදාළව CID විසින් මේ වනවිට පොලිස් නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එහිදී ඉහළ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ප්‍රකාශ ලබාදී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම එම ස්ථානයෙහිදී තමන් කටයුතු කළේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව බවට එම ඉහළ පොලිස් නිලධාරීන් පැහැදිලිවම ප්‍රකාශ ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා CIDය සතුව දැනටමත් හොඳටම ප්‍රමාණවත් පරිදි සාක්ෂි ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...