ටොයෝටා විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12කට ලබාදෙන බවක් තමන් කිසිදු විටෙක ප්රකාශ නොකළ බවත් තමන්ට එසේ චෝදනා කරන්නේ මානසික රෝගීන් බවත් වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා පවසයි.
“ඔයාලා දන්නවා අපිට වාහන බලපත්රයක් තිබුණා. අපි ඒක නැති කළා. අපි වාහන බලපත්රය ගත්තා නම් අපිට කීයක් හම්බවෙනවාද ? 159ක් හම්බවෙනවා. ඕක නිකම් කෝටි 5න් වැඩි කළොත් ? කෝටි 700ක් විතර ගන්න පුළුවන්. කෝටි 700ක් අත්හැරපු අපි කෝටි 80ක් හොරකම් කරයි කියලා හිතනවද ? මටත් මං දන්නෑ වෙලාවකට විට්ස් කාර් ගැන කියනවා. පිස්සු නේ … පිස්සු නිකම්. පිස්සෝ. මම කිව්වෙ නෑ කොහෙවත් විට්ස් කාර් එකක් ලක්ෂ 12 ට දෙනවා කියලා. හොඳට වීඩියෝ එක අරගෙන බලන්න. අපි බොරු කියලා නෑ”
නලින් හේවගේ නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ පසුගියදා ඇත්තිලිගොඩ ප්රදේශයේ හෝටලයක පැවති ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා රැස්වීමක් අමතමිනි.


