සටහන – රුවන් නෙළුගොල්ල
දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (මැයි 13) දිනයේදී බස්නාහිර, සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එසේම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති වියහැකි බවත් එම නිවේදනයේ සඳහන්.



