අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මම සූදානම් – හර්ෂ ද සිල්වා

සටහන – රුවන් නෙළුගොල්ල

අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට තමන් සූදානම් යැයි අවධාරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් තමන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එකතු නොවන බවත් එවැනි කිසිදු සාච්ඡාවක් හෝ පවත්වා නොමැති බවටත් සඳහන් කරන ඒ මහතා මේ ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන්නේ සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ වුවමනාව ඇති යම් පිරිසක් විසින් බවත් ප්‍රකාශ කරයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී මගේ හිතේ රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ. අදටත් ඒ හැඟීම එලෙසමයි.

දවසක ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි මා වැඩකරන්නේ. ඒ නිසා, මම පටු දේශපාලන වාසි බලාගෙන කිසිදු දේශපාලන තීරණයක් ගන්නෙ නෑ. මාව මධ්‍ය දක්ෂිණාංශික කඳවුරෙන් යවන්න සමහරුන්ට වුවමනාවක් තියන බවක් පේනවා. ඒක කවදාවත් වෙන්නෙ නෑ. එම කඳවුරට දිනෙක නායකත්වය ලබාදීම දක්වා මගේ දේශපාලනය අනිවාර්යෙන්ම ඉදිරියට ඇදෙනවා. මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස් වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි.

මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණ වලින් පේනවා.

ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහි සටන මා ඉදිරියේදී වැඩි කරනවා. ඒ සෑම දෙයකටම විරුද්ධ වෙමින් නෙවෙයි. හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින්.

ඒ වගේම අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මා සූදානම් බවත් මා අවධාරණය කරනවා. රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

~ Harsha de Silva

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...