ජාතික කෙළි උළෙලේ කබඩි සූරතා උතුරු මැදට සහ බස්නාහිරට

Date:

පොළොන්නරුව ගල්ලෑල්ල දිස්ත්‍රික් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී,මැයි 13 වන දා නිමාවට පත් වූ 47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ කබඩි තරගවලදී කාන්තා අංශයේ සූරතාවය බස්නාහිර පළාතට හිමි විය.පිරිමි සූරතාවය හිමි වූයේ උතුරු මැද පළාතට ය.

කාන්තා අවසාන මහා තරගයේ දී ලකුණු 31 – 34 ලෙස ඌව පළාත පරාජය කර බස්නාහිර පළාත ශූරතාව දිනා ගන්නා ලදි.පිරිමි අවසාන මහා තරගයේ දී ලකුණු 22- 44 ලෙස දකුණු පළාත පරාජයට පත් කර උතුරු මැද පළාත ශූරතාව දිනා ගත්තේය.
තරගාවලියේ කාන්තා අංශයෙන් තෙවන ස්ථානය වෙනුවෙන් පැවති තරගයෙන් ළකුණු 29-47 ලබා ගනිමින් උතුරුමැද පළාත පරාජයට පත් කරමින් සබරගමු පළාත ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.අවසාන පූර්ව තරගයේදී සබරගමුව බස්නාහිර පළාත් කණ්ඩායම ඉදිරියේත්,උතුරු මැද පළාත ඌව පළාත් කණ්ඩායම ඉදිරියේත් පරාජයට පත් විය.

තරගාවලියේ පිරිමි අංශයෙන් තෙවන ස්ථානය දිනා ගත්තේ, ලකුණු 27 – 48 ලබා ගනිමින් බස්නාහිර පළාත පරාජයට පත් කරමින් නැගෙනහිර පළාතය.අවසාන පූර්ව තරගයේදී බස්නාහිර පළාත දකුණු පළාතට වසර 13 ට පසු පරාජය විය.උතුරු මැද පළාත ඉදිරියේ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් වූයේ නැගෙනහිර පළාතය.
තරගාවලියේ හොදම ක්‍රීඩකයා ලෙස උතුරුමැද පළාතේ A.P.G.M.චතුරංග තේරී පත් විය. බස්නාහිර පළාතේ R.P.M. චතුරිකා තරගාවලියේ හොදම ක්‍රීඩිකාව වූවාය.
ජය සංඛේත ප්‍රදානය සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එ.මුතුමාල මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න මහතා, තමන්කඩුව සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්.ලක්මිනි කුමාරි මහත්මිය, ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී.දිසානායක මහතා එක් විය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...