ඩොනල්ඩ් ලූ සහ NPP නියෝජිතයන් අතර සාකච්ඡාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං මහත්මියද සහභාගි වූ බව සඳහන් වේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි වී ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...

පුද්ගලයකුට පහරදීම : ගඟඉහළකෝරළේ මාලිමා සභාපති ඇප මත නිදහස්

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය...

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...