ජපන් තානාපතිගේ ප්‍රකාශයෙන් පසු නිමල් සිරිපාලත් අත්අඩංගුවට ??

Date:

ශ්‍රී ලංකාවේ වංචා දූෂණවලට ජපානය ගොදුරක් වූ බව මෙරට ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ඒ මහතා මේ බව පවසා තිබුණේ පසුගිය සතියේදී පාත් ෆයින්ඩර් පදනම විසින් කොළඹදී පැවැත්වූ වටමේස සාකච්ඡාවකදී මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ජපන් තානාපතිවරයාගේ මෙම ප්‍රකාශයට, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද මූලික කරුණක් වී තිබිය යුතු ය. ඒ, එම ව්‍යාපෘතිය ඉටු කළ ජපානයේ තායිසේ සමාගමෙන් කොමිස් ඉල්ලූ බවට 2022 වසරේදී වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට ප්‍රසිද්ධියේම චෝදනා එල්ල වී පැවති හෙයිනි.

නිමල් සිරිපාල ද සිල්වා තාවකාලිකව ඇමති ධුරයෙන් ඉවත් කිරීමට පවා සිදුවන්නේ මෙම චෝදනාව බරපතළ එකක් වූ නිසා ය. කෙසේවෙතත් පසුව ඔහුව නැවතත් එම ඇමති ධුරයේම පිහිටුවනු ලැබිණි.

කෙසේවෙතත් මේ අල්ලස් සිද්ධිය හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය ප්‍රමාද වීම තුළ ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව තිබේ. සංචාරක ව්‍යාපාරය වේගයෙන් දියුණු වන මොහොතක මෙම පර්යන්තය ඉදිවී නොතිබීම හේතුවෙන් රටට අහිමි වන ආදායමේ පාඩුව වෙනම ය.

ඒ අනුව, දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන වත්මන් රජය යටතේ මෙම අපකීර්තිමත් සිද්ධිය සම්බන්ධයෙන් යළි විමර්ශනයක් ආරම්භ විය යුතුව තිබේ. එදා දේශපාලන බලයෙන් යට ගසන ලද සියලු කරුණු යළි උඩට ගෙන නිමල් සිරිපාල ද සිල්වා විසින් රටට කරන ලද පාඩුව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය යුතුව ඇත.

බදුල්ලේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාත් අත් අඩංගුවට ගෙන බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සමගම එකට සිර දඬුවම් විඳින්නට යවන දිනය වැඩි ඈතක නොවිය යුතුය.

~ රජිත විරාජ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...