චීන- බ්‍රසීල ජනපතිවරුන් අතර හමුවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා අතර සාකච්ඡාවක් ඊයේ(13) බෙයිජිංහිදී පැවැත්වුණා.

චීන-බ්‍රසීල උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර චීන- බ්‍රසීල පොදු ඉරණමක් සහිත හවුලක පදනම තහවුරු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළා.

දෙරට එක්පාර්ශ්වවාදය,ආරක්ෂණවාදය හා විවිධ බාධ කිරීම්වලට පැහැදිලිව විරෝධ පළ කළ යුතු බව එහි දී ප්‍රකාශ කෙරුණා.

බ්‍රසීලය චීනය සමග උපායමාර්ගික සහයෝගීතා තහවුරු කිරීමට කැමැත්තෙන් සිටින බව බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා එහිදී ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර කටයුතුවලදී චීනය සමග උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කර ගෝලීය දකුණේ පොදු අවශ්‍යතා පොදුවේ ආරක්ෂා කර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටින බවද බ්‍රසීල ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ඊට අමතරව යුක්‍රේන සම්බන්ධයෙන් ද දෙරටේ නායකයෝ එහිදී අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...