කොළඹ පුරපති සහ නියෝජ්‍ය පුරපති තෝරන්න ජන්දයක්?

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් එම ජන්දය පැවැත්වීමට නියමිත අතර එලෙස ජන්දයක්ට යාමට සිදුව ඇත්තේ මැතිවරණ ප්‍රතිපලයට අනුව කිසිම පක්ෂයක් 50%කට වැඩි ජන්ද ප්‍රතිශතයක් ;ලබා නොගැනීමයි.

මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ඡන්ද විමසීමේදී 50%කට ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව සඳහන්.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48ක් වන අතර සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත්ව සිටිති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...