නි. අමාත්‍ය චතුරංගගේ චෝදනාව බරපතළයි- මනෝ ගනේෂන්

Date:

රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ LNW :

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගෙන් විවෘත අභියෝගයක් එල්ලවී ඇත. ඒ , පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පවසමිනි.

විපක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය සිය ආධාරකරුවන් අතර බෙදා දුන් බවට සිදුකළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් පා .ම. මනෝ ගනේෂන් මහතා මෙසේ කියා සිටියේය .

“පසුගිය මැතිවරණ කාලේ විපක්ෂ කණ්ඩායම් තමන්ගේ ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා දුන් බවට නි. අමාත්‍ය චතුරංග අබේසිංහ චෝදනා කරනවා. මැතිවරණය අමතක කරමු. නමුත් ඔහු නගන චෝදනාව බරපතළයි. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මත්ද්‍රව්‍ය බෙදා දුන් විපක්ෂයේ සියලු දෙනාගේ නම් ඇතුළු විස්තර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබා දෙන්න කියලා. ඒ වගේ ම එම තොරතුරු මැතිවරණ සමයේ පොලිසියට දැනුම් නොදුන්නේ ඇයි ද කියලාත් නි. ඇමතරිවරයා පැහැදිලි කළ යුතුයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ...

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...