නි. අමාත්‍ය චතුරංගගේ චෝදනාව බරපතළයි- මනෝ ගනේෂන්

Date:

රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ LNW :

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගෙන් විවෘත අභියෝගයක් එල්ලවී ඇත. ඒ , පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පවසමිනි.

විපක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය සිය ආධාරකරුවන් අතර බෙදා දුන් බවට සිදුකළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් පා .ම. මනෝ ගනේෂන් මහතා මෙසේ කියා සිටියේය .

“පසුගිය මැතිවරණ කාලේ විපක්ෂ කණ්ඩායම් තමන්ගේ ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා දුන් බවට නි. අමාත්‍ය චතුරංග අබේසිංහ චෝදනා කරනවා. මැතිවරණය අමතක කරමු. නමුත් ඔහු නගන චෝදනාව බරපතළයි. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මත්ද්‍රව්‍ය බෙදා දුන් විපක්ෂයේ සියලු දෙනාගේ නම් ඇතුළු විස්තර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබා දෙන්න කියලා. ඒ වගේ ම එම තොරතුරු මැතිවරණ සමයේ පොලිසියට දැනුම් නොදුන්නේ ඇයි ද කියලාත් නි. ඇමතරිවරයා පැහැදිලි කළ යුතුයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...