රථ වාහන වැරදි සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්!

Date:

රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ LNW :

රාත්‍රී කාලයේදී ධාවනය වන දුරගමන් බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු උසස් පොලිස් නිලධාරින් වෙත උපදෙස් ලබාදී තිබෙන බව සවහන් වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, අදාළ බස් රථ පරික්ෂා කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථ වාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

පොලිස් කොට්ඨාසවලට අයත් තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරින් කණ්ඩායම් යොදවා මහා මාර්ගයේ ධාවනය වන වාහන සහ විශේෂයෙන්ම දුර ගමන් සේවා බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කෙරෙන අතර, යතුරුපැදි සංචාරක ඒකකවල නිලධාරින් මගින් මාර්ගයේ යතුරුපැදි ධාවනය කරමින් බස් රථ පරීක්ෂාවට ලක් කර නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...