විදේශීය සංචාරයකයන්ගේ භාවනා වැඩසටහන් සඳහා ඉන්දියාවෙන් යෝගා මෙට්ට පරිත්‍යාගයක්!

Date:

කොළඹ LNW:විදේශීය සංචාරකයන් සඳහා ශ්‍රී දළදා මාලිගාවේ උඩවත්ත කැලයට යාබදව පිහිටි උයන් ආශ්‍රිතව හදුන්වාදීමට නියමිත භාවන වැඩටසහන් සඳහා යෝගා මෙට්ට පරිත්‍යාග කිරීම ඉන්දීය රජයේ මැදිහත්වීම මත අද (14) සිදුවිය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ජා ( H.E. Santosh Jha) මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදා සකස් කරන ලද යෝගා ඇතිරිලි ප්‍රදානය කිරීම සිදුවූයේ ශ්‍රී දළදා මාළිගාවේ විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදීය.

ශ්‍රී දළදා මාළිගාව සහ උඩවත්ත කැලේ වන අරක්ෂීතයට යාබදව විදේශීය සංචාරයකයන් සඳහා භාවනා වැඩසටහන් ක්‍රියාත්ක කිරීමට නියමිත අතර ඔවුන්ට අවශ්‍ය කෙටි ආහාරයක් හා යෝගා මෙට්ට ලබාදිම ශ්‍රී දළදා මාලිගාවේ මැදිහත්වීම මත සිදුවේ.

ඒ අනුව දියවඩන නිලමේවරයා කළ ඉල්ලීමකට අනුව ඉන්දීය රජයේ මැදිහත්වීම මත මෙම ස්වාභාවික ඇතිරිලි 100ක් ප්‍රදනය කිරීම සිදුවිය. මේ තුළින් බෞද්ධාගම විදේශිකයන් අතර ප්‍රචලිත කිරීම හා සංචාරක ආකර්ෂණය ඇති කිරීම ද අපේක්ෂිතය.

එම ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා සහකාර ඉන්දීය මහ කොමසාරිස් සාරාන්‍යා . වී. එස් මිය ඇතුලු පිරිසක් එක්විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...