යුක්රේනය, රුසියාවට විරුද්ධව යුධ අපරාධ නඩුවක් අරඹයි!

Date:

රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසුව යුක්රේනය විසින් මුල පුරන පළමු යුධ අපරාධ නඩුව ඊයේ දිනයේ විභාගයට ගැනිණ.ඒ අනුව කිව් අගනුවරදී මූලික නඩු විභාගයට ලක් කරනු ලැබුවේ වදීම් ශිෂිමාරින් නමැති රුසියානු සොල්දාදුවෙකි.

ඔහු 21 හැවිරිදි ය.

නිරායුධ සිවිල් වැසියෙකු ඝාතනය කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව නගා ඇත.

හොරකම් කළ වාහනයක නැගී අනෙක් සොල්දාදුවන් සමග යමින්, ඊශාන දිග සුමී පළාතේදී ජංගම දුරකථනයකින් කතා කරමින් මහ මග යන 62 හැවිරිදි පාපැදිකරුවෙකු ඔවුන් විසින් ඝාතනය කර තිබෙන බව කියැවේ.

අභිචෝදකයන්ට අනුව, සිය පිරිස අමතමින් ඔහු පාපැදිකරුවාට වෙඩි තබන ලෙසට නියෝග කර තිබේ.

ඒ, යුක්රේන පාර්ශවයට තමන් සිටින ස්ථානය මෙම පුද්ගලයාගෙන් ලැබෙන තොරතුරු මත සොයාගත හැකි වේ යැයි සැක කරමිනි.

වදීම් ව අල්ලාගත් ආකාරය සහ ඔහුට එරෙහිව පවතින සාක්ෂි තවම හෙලිදරව් වී නැත.

රුසියාව, තමන් සිවිල් වැසියන්ට පහර දුන් බව එක හෙළා ප්‍රතික්ෂේප කරන අතර, මෙම නඩු විභාගය පිළිබඳ මේ දක්වා අදහස් පළ කර නැත.

යුක්රේනය පවසා තිබෙන්නේ රුසියාව විසින් මෙම යුද්ධයේදී යුක්රේනයට විරුද්ධව සිදුකළ යුධ අපරාධ දහස් ගණනක් මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...