පොලිසියට නිදහසේ රාජකාරි කළ හැකි කාලයක් උදාවෙලා ලු …

Date:

මේ දිනවල පොලිසියට නිදහසේ රාජකාරි කළ හැකි කාලසීමාවක් උදාවී ඇතැයි පොලිස් සේවයේ හැමතැනම කතාබහට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ඒ, කිසිදු දේශපාලනඥයෙකුගෙන් මේ දිනවල පොලිසියට දුරකථන ඇමතුම් නොලැබෙන නිසාය.

මේ වනවිට රටේ නිශ්චිත ආණ්ඩුවක් නොමැති නිසාත් පසුගිය සතිය වනවිට ඇමති ධුර දැරූ දේශපාලනඥයින් අතරින් බොහෝදෙනෙකු තවමත් විවිධ ස්ථානවල සැඟවී වාසය කරන නිසාත් මෙම තත්වය උදාවී ඇති බව සඳහන්.

ඒ අනුව මෙය පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහත් අස්වැසිල්ලක් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සහ එයින් පසුව විවිධ ස්ථානවල එල්ල කෙරුණු ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම සැකකරුවන් දහසකට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගැනීමට නියමිත අතර මේ වනවිට ඔවුන් සියලු දෙනාම සිටින ස්ථාන හඳුනාගෙන ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව නුදුරේදීම ඔවුන්ව එක් දිනයකදීම අත් අඩංගුවට ගැනෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...