ප්‍රීති වෙසක්..!

Date:

ප්‍රීති වෙසක්..!

••••••••••••••••••

හෙට වැනි දිනක’මුත් හිමි බුදු බව ලද්දේ

වෙනදා වගේ නෑ අද බොදු ගී සද්දේ

භීතිය නිසා මිහිඳුල ඇති කළ යුද්දේ

මේ ටික ලියන්නෙත් මම කර්ෆිව් මැද්දේ

පෙන්නුව නමුත් බොරුවට මුන් බොදු බැතිය

ඇති බව පෙනෙන්නට නැත සම්මා සතිය

පෙන්වා ඔවුන් හට හුරු අවකල් ගතිය

නෙළුවේ කොල්ලො හට වැටෙනා තුරු හතිය

කන් කුඩුවෙන්න බී “ගල්” නම් දිය දහර

සන්තර්පනය වී එහි ඉඳුලින් අහර

පිම්බුණු එවුන් මිහිඳුගෙ බලයෙන් නහර

දාගෙන පිරිත් දුන්නේ උන් පොලු පහර

වෙනදා තෙමඟුලට අපි සැරසුණෙ පේවී

මුළු රට ගියේ සදහම් සිසිලෙන් නෑවී

හෙටටත් ආමි ට්‍රක් මාවත් සරසාවී

මුං හින්දාම යයි වෙසඟත් හැදි ගෑවී

ඇත්තට මහින්දගෙ බල ලෝභය ඊයා

මේ වාහෙගෙන් නෑ රට ගැලවෙන සේයා

කෙලියා වෙසඟටත් මැදමුලනේ සීයා

ජැක්සන් මරු නේද බුදු සාදුගෙ නෑයා

© ප්‍රියන්ත කොඩිප්පිලි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...