ප්‍රීති වෙසක්..!

Date:

ප්‍රීති වෙසක්..!

••••••••••••••••••

හෙට වැනි දිනක’මුත් හිමි බුදු බව ලද්දේ

වෙනදා වගේ නෑ අද බොදු ගී සද්දේ

භීතිය නිසා මිහිඳුල ඇති කළ යුද්දේ

මේ ටික ලියන්නෙත් මම කර්ෆිව් මැද්දේ

පෙන්නුව නමුත් බොරුවට මුන් බොදු බැතිය

ඇති බව පෙනෙන්නට නැත සම්මා සතිය

පෙන්වා ඔවුන් හට හුරු අවකල් ගතිය

නෙළුවේ කොල්ලො හට වැටෙනා තුරු හතිය

කන් කුඩුවෙන්න බී “ගල්” නම් දිය දහර

සන්තර්පනය වී එහි ඉඳුලින් අහර

පිම්බුණු එවුන් මිහිඳුගෙ බලයෙන් නහර

දාගෙන පිරිත් දුන්නේ උන් පොලු පහර

වෙනදා තෙමඟුලට අපි සැරසුණෙ පේවී

මුළු රට ගියේ සදහම් සිසිලෙන් නෑවී

හෙටටත් ආමි ට්‍රක් මාවත් සරසාවී

මුං හින්දාම යයි වෙසඟත් හැදි ගෑවී

ඇත්තට මහින්දගෙ බල ලෝභය ඊයා

මේ වාහෙගෙන් නෑ රට ගැලවෙන සේයා

කෙලියා වෙසඟටත් මැදමුලනේ සීයා

ජැක්සන් මරු නේද බුදු සාදුගෙ නෑයා

© ප්‍රියන්ත කොඩිප්පිලි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...