වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ සිව් මහල් වාට්ටු සංකීර්ණය විවෘත වෙයි!

රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ LNW :

කළුතර ආයුර්වේද මූලික රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද අභිනව සිව් මහල් වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූෂුෆ් මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ දී සිදුවිය.

මෙම සිව්මහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා බස්නාහිර පළාත් සභාව විසින් රුපියල් ලක්ෂ 2500කට අධික මුදලක් වැය කර ඇත.

මෙම නව සංකීර්ණයට බාහිර රෝගී අංශය, කාන්තා, පිරිමි සාමාන්‍ය වාට්ටු දෙකක්, කාන්තා, පිරිමි ගෙවීමේ වාට්ටු දෙකක්, පරිපාලන කාර්යාල පරිශ්‍රයක්, ශ්‍රවණාගාරයක්, වෛද්‍ය නිලධාරී හා සේවක විවේකාගාර මෙන්ම වෛද්‍ය නිල නිවාසයක් ඇතුළත් ය. මෙහි වාට්ටු හතරේ ඇති ඇදන් ධාරිතාවය 50කි.

සිව් මහල් වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීමෙන් අනතුරුව පැමිණි සිටි පිරිස අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම ආයුර්වේද රෝහලට දිගු ඉතිහාසයක් බවතින බවත්, මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කළ මෙම රෝහල පැවති රජයන්ගේ විෂයභාර අමාත්‍යවරුන්  මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මත අදියරෙන් අදියර සංවර්ධනය වී වත්මන් තත්ත්වයට පත්ව ඇති බව  බව පැවසීය.

වීදියගොඩ, හොරණ, බණ්ඩාරගම ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ  ජීවත්වන ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන රෝහලක් පමණක් නොව මෙම රෝහල ඉදිරි වසර කිහිපය තුළ දී මෙරට නන්දෙසින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සොයාගෙන එන රෝහලක් බවට මෙම රෝහල පත්වනු ඇතැයි තමන් අනුමාන කරන බව ද සඳහන්කර සිටියේය.

වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බෝනොවන රෝග බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා එයින් ජනතාව මුදවා ගැනීමට වැඩසටහන්, ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ද පැවසීය. රෝහල් ගතවීම් සහ මෙරට සිදුවන මරණ වල දී වැඩිම ප්‍රමාණයක් වර්තා වන්නේ බෝ නොවන රෝගවලින් බවත්,  එය ප්‍රතිශතයක් ලෙස 80% ක පමණ අගයක පවතින බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

2024 වර්ෂයේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුව එළිදක්වන ලද වාර්ථාව අනූව මෙරට සමස්ත ජනගහනයෙන්, කුඩා දරුවාගේ සිට 20% ආසන්න ප්‍රමාණයක් කවර හෝ බෝ නොවන රෝගයකින් පෙළෙන බවත්, එය අවධානම් සහගත  ඉලක්කමක් බව ද සඳහන්කර සිටියේ ය.

සමස්ත ජනගහනයෙන් 20% කවර හෝ බෝනොවන රෝගයකින් පෙළෙනවා යැයි සදහන් කිරීම දැඩි අවධානයට යොමුකළ යුතු සංඛ්‍යාවක් බවද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

මෙයට විසදුමක් ලෙස අධි තාක්ෂණික උපකරණ හෝ අධික මිල සහිත ඖෂධ නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම වර්ෂය තුළ දී  (2026) දිවයිනම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16 ක් (Cath lab) ස්ථාපිත කිරීමට කටයුතුකරන බවත් ඒ සදහා රුපියල් මිලියන තුන්දහසකට අධික මුදලක්ද වැය කරන බවත්, මේ වන විට හෘද කැතීටකරණ යන්ත්‍ර 10ක් රෝහල් පද්ධතියේ සක්‍රීය ප්‍රතිකාර සේවාවන් සඳහා  දායකත්වය සපයන බව ද පැවසී ය.

නව යන්ත්‍ර 10 ස්ථාපිත කිරීමත් සමඟ හෘද ප්‍රතිකාර ලබා ගැනීමට සදහා පොරොත්තු ලේඛණවන සිටින ප්‍රමාණය අවම කරගැනීමට හැකියාව ලැබෙන බව සඳහන්කර සිටියේ ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ අධික මිල ගණන් යටතේ මිල දී ගනු ලැබුව ද, මෙරට බෝනොවන රෝග පාලන යන අංශයෙන් සිටිනුයේ පහළ අගයක බව ද අමාත්‍යවරයා පැවසී ය. මෙය පාලනය සඳහා වැඩසටහන් සකස්විය යුත්තේ ග්‍රාමීය මට්ටමින් බව ද  ඔහු සඳහන්කර සිටියේ ය.  

වීදියගොඩ ආයුර්වේද රෝහල 1992.10.29 වන දින මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කර ඇති අතර 1998 වර්ෂයේ දී වීදියගොඩ රජයේ ආයුර්වේද රෝහල ලෙස ස්ථාපිත කර ඇත.

බස්නාහිර පළාත් සභා ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණය  යටතේ ක්‍රියාත්මකවන මෙම  ආයුර්වේද රෝහලේ  බාහිර රෝගී අංශය මෙන්ම  සන්ධි රෝග , චර්ම රෝග , ස්නායු රෝග , රූපලාවන්‍ය ,ශ්වසන රෝග, ශල්‍ය රෝග , අධිරුධිර පීඩන , මේදෝ වෘද්ධි , මධුමේහ , පිළිකා රෝග , මානසික රෝග , බාල රෝග,  ප්‍රසූත සහ    ස්ත්‍රී රෝග යන සායන  ක්‍රියාත්මක වන අතර මීට  අමතරව තවත් ආයුර්වේද සායන රැසක් ද රෝහල තුළ ක්‍රියාත්මක වේ.

එමෙන්ම නේවාසික රෝගීන්ට අවශ්‍යතාවය පරිදි පංච කර්ම ප්‍රතිකාර, චීන කටු ප්‍රතිකාර සහ වෙනත් විශේෂ ප්‍රතිකාර සේවාවන්ද  සපයා දෙනු ලැබේ.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, කළුතර දිස්ත්‍රික් මහ දිසාපති එස්.පී. හේරත්, බස්නාහිර පළාත්සෞඛ්‍ය හා දේශීආරක්ෂක ලේබල් ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් චෝදනා…    https://sinhala.lankanewsweb.net/05/14/274117/ය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.ඒ.කළුකපුආරච්චි, බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ, ස්ථානභාර වෛද්‍ය නිලධාරිනී මංජුසා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුලුව ප්‍රාදේශීය දේශපාලන නායකයන්, වෛද්‍ය නිලධාරීන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...