ඔන්ලයින් වීසා ප්‍රශ්නය විසදන්න නිලධාරීන් ඇවිත් නැහැ – නිලධාරීන්ගේ මඟහරිම ගැන මුදල් කාරක සභාවේ විරෝධය!

Date:

කොළඹ LNW:මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළකර තිබේ.

එම සාකච්ජාව ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දී තිබුණේ මින් පෙර මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ මෙම අමාත්‍යාංශයේ සහ ‍මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14 වැනි දින කමිටුවට පැමිණීමට එකඟතාවය සඳහන් කළද හදිසියේම 13 දා සවස දැනුම්දීමක් කරමින් 14 දින කමිටුවට නොපැමිණීම බව දැනුම් දී තිබූ බව

කෙසේවෙතත් එය මෙම කරකසභාවට ගරු නොකිරීමක් ලෙසයි සභාපතිවරයා පවසා තිබුණේ.

”දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති VFS වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (14) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට කලින් ඔවුන් එකඟවී තිබුණා. ‘නමුත්, පසුව එම නිළධාරීන් එය මගහැරීම පිළිබඳව මා අතිශයින් කණගාටුවට පත් වෙනවා. මෙය වරප්‍රසාද කඩවීමක්.මේ නිසා, මෙයට එරෙහිව මුදල් කාරක සභාවේ සාමාජිකයින් සමග සාකච්ඡා කර අපි ඉදිරියේදී දැඩි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිළධාරීන් එක් වතාවක් මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටියා. එහිදී, මෙම වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී පැමිණෙන බව කලින් ඔවුන් දැනුම් දී තිබුණා. නමුත්, 2016 දී තම කාර්යාලය වෙනස් කිරීමේදී ලිපි ගොණු කිහිපයක් නැතිවී ඇතැයි පවසමින් මෙම සාකච්ඡාවට පැමිණීමට නොහැකියැයි හදිසියේම (13) රාත්‍රියේ දැනුම් දී තිබුණා. එය කිසිසේත්ම පිළිගත නොහැකියි. නිළධාරීන්ට මේ ආකාරයෙන් මුදල් කාරක සභාව මගහැර සිටීමට කිසිදු හැකියාවක් නෑ.”

එමෙන්ම මෙම කාරක සභාවට ශ්‍රී ලංකා මොබිටෙල් (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය කැඳවා තිබුණු අතර මොබිටෙල් සමාගම විසින් මෙම නව සමාගමට ‍ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වීසා අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට නිකුත්කිරීමේ අයිතිය ලබාදීමට පෙර තම සමාගම විසින් 2023 වර්ෂය වන තෙක් මෙම සේවාව ක්‍රියාත්ම කිරීම සිදු වූ ආකාරය සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්ත‍මේන්තුව සමග සිදු කළ සාකච්ඡා සහ යෝජනා පිළිබඳ අදාළ ලිඛිත මූලාශ්‍ර සහිතව කමිටුවට ඉදිරිපත් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...