ජන්ද නැති වුණාට කමක් නැහැ. මම මතට තිත තියනවා – සජිත්

Date:

කොළඹ LNW:අද වන විට මත්පැන් බලපත්‍ර ලබා දීම මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම හා මතට කේන්ද්‍ර කර ගත බලපත්‍ර හරහා බරපතල දේශපාලන සූදුවක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ තුළින් ඡන්ද හැදී මුදල් ලැබුණත් රටටත් ජනතාවටත් තරුණයන්ටත් සෙතක් නොවන අතර දේශපාලනඥයන් රෝහල්වලට උපකරණ දීම විවෘත කරනවා සේම මත්පැන් මත්කුඩු නිසා හානිය ගැන එළිපිට කතා කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

අද වන විට දුම්කොළ සමාගම් බලවත් වී ඇති බවත් මේ සමාගම්වලට ඕනැම ප්‍රබලයෙක් මුදලට ගෙන තමන් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු පැහැර හරින බවත් මුදල් බලය තිබු පමණින් එය උපයෝගී කර ගෙන බදු පැහැර හරිනවා පමණක් නොව රටේ ජනතාවත් දරු පරපුරත් තරුණ පරපුරත් මරණ මංචකයට යවන බවත් විහෙතෙම කියාසිටියි.

මේ ගැන දරුවන් දැනුවත් කළ යුතු අතර වැඩිහිටියන් මෙවැනි දේවල් කළත් තරුණ පරපුරත් දරු පරපුරත් මින් මුදවා ගත යුතු බවත් මේ ගැන තිත්ත ඇත්ත සත්‍ය කතා කළ යුතු බවත් ඡන්ද ලැබෙනවා කියා වයින් බියර් බලපත්‍ර බෙදා හරියන්නේ නැති බවත් මේ වනවිට ආගමික සිද්ධස්ථාන ළඟ පවා බියර් බලපත්‍ර දෙන බවත් උද්ඝෝෂණ කළත් ඒවා නොතකා මෙවැනි බලපත්‍ර දෙන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හුස්ම වැඩසටහනේ 60 වැනි අදියර යටතේ මහර මල්වතු හිරිපිටිය රෝහලට රු. 1,300,000 ක් වටිනා Mini Autoclav 1 හා Pulse Oximeter 1 පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කවුරු මොන දේ කළත් වචනයේ පරිසමාප්තියෙන්ම මත්පැන් දුම්වැටි තුරන් කරන බවත් එය කරන්නේ දරු පරපුර සහ මව් පරපුර කේන්ද්‍ර කර ගෙන බවත් ආධාර ලබා දෙන්නෙත් ගෘහණිය කේන්ද්‍ර කර ගෙන බවත් එය පවුලේ දියුණුවට හේතුවක් වන බවත් ඔවුන් වයින් ස්ටෝර්ස් යනවාට වඩා දරුවන්ගේ දියුණුවට එම මුදල් යොදවන බවත් විපක්ෂ නායකයා අවධාරණය කරයි.

මේවා කියද්දි ඡන්ද නැති වෙන්න පුලුවන් බවත් හෘදසාක්ෂියට එකඟව කතා කළ යුතු වන අතර දරුවන්ට නිසි රැකවරණය ලබා දෙන වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...