කොළඹ ඇළ මාර්ග නඩත්තුවට රු. මි.295ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 15, කොළඹ (LNW): කොළඹ ඇළ මාර්ග නඩත්තුවට ද රුපියල් මිලියන 295ක් වෙන්කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන අතර, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 7ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවද පවසයි.

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර තත්ත්වය අවම කිරීමට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද සඳහන් වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ , අදියර 3ක් යටතේ විශේෂ ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක බවයි .

ඉන් ව්‍යාපෘති දෙකක් මෙම වසරේ අවසන් කිරීමට අපේක්ෂිත අතර, ඒ පිළියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාපවහන වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය හා බත්තරමුල්ල ජලපෝෂක ප්‍රදේශයේ ජලාපවහන හා පාරිසරික වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතියයි. ප්‍රධාන ඇළ මාර්ග කිලෝ මීටර් 44ක් නඩත්තුව වෙනුවෙන් රුපියල් මිලියන 295ක් ද වෙන් කිරීමටයි පියවර ගෙන ඇති බව ද වැඩිදුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...