රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව අද දැවැන්ත විරෝධයක්!

Date:

කොළඹ LNW:රාජ්‍ය සම්පත් සහ දේපල විකිණීමට එරෙහිව අද (15) කොළඹදී දැවැන්ත පාගමනක් සංවිධානය කර තිබේ.

එය අද සවස 3.00ට කොළඹ, මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වීමට නියමිත අතර මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇත්තේ ‘ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය’ විසිනි.

ටෙලිකොම්, රක්ෂණ සහ මිල්කෝ සතු ආයතන සහ දේපල විකිණීමට එරෙහිව මෙන්ම ජන ජීවිතයට ඍජුව බලපාන ආණ්ඩුව විසින් ගෙන එනු ලබන ජන පීඩක විදුලි පනත අහෝසි කිරීම සඳහා බලපෑම් කිරීමත් එහි අරමුණක් වෙයි.

කෙනෙක් අවංකවම රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහි නම් අපි ආරාධනා කරනවා මේ වෙන්දේසියට සහය දෙන තමන්ගේ දේශපාලන පක්ෂය, තමන්ගේ දේශපාලන නායකයින් අත්හැරලා අද සවස 3.00ට මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වෙන මේ විරෝධතා පාගමන එක්වෙන ලෙසද ‘ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය’ ආරාධනා කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...