*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රොහාන්ගේ බිරිද පරදා ගෝලයා දිනයි – බිමන්දි අවසාන තරගයට එයි

සටහන – නිශ්මං රණසිංහ

මැයි 15, කොළඹ (LNW): ශ්‍රී ලංකාව විසින් අහිමි කර ගන්නා ලද ශ්‍රී ලංකාවේ උපත ලැබූ ෆාතිමාත් ඩීමා අලි මාල දිවයින වෙනුවෙන් දකුණු ආසියාතික රටවලින් මේස පන්දු ක්‍රීඩාව සඳහා ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ අවසාන වටයට තේරී පත් වූවාය.අප පෙර සටහනෙන් හැඳින් වූ පරිදි ඇය සමඟ තරග කළේ ඇයගේ ශ්‍රී ලංකා පුහුණුකරු වූ රොහාන් සිරිසේනගේ බිරිඳ වූ ඉෂාරා මධුරංගිය.අලි මෙම තරගයේදි ඉෂාරාට එරෙහිව සිය වයස මෙන් දෙගුණයක් වයසැති ක්‍රීඩිකාව සිය තරුණ ජවය හොඳින් ප්‍රයෝජනයට ගෙන වට 4- 1 ක ජයක් අත් කර ගත්තාය.ඉෂාරා තරගයේ දෙවන වටය පමණක් ලකුණු 11- 8 ක් ලෙස ජය ගත් අතර පළමු,තෙවන,සිව්වැනි සහ පස්වන වට අලි ජය ගත්තේ ලකුණු 11 – 7,11-5,11-9 සහ 11 -2 ක් ලෙස ඉදිරියෙන් සිටිමින්ය.


ඇය සමඟ අවසාන තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාවේ බිමන්දි බණ්ඩාර සමත් වූවාය.ඇය විසින් කේපාලයේ තාපා එවානා වට 4-1 ක් ලෙස පරාජය කළාය.බිමන්දි තරගයේ පළමු,දෙවන,සිව්වන සහ පස්වන වට ජය ගත්තාය.ලකුණු තත්ත්වය සටහන් වූයේ 11 – 5,11-2,11-3 සහ 11-8 ක් ලෙසය.තවානා ජයගත් වටයේ ලකුණු සටහන දැක් වුණේ 11-6 ක් ලෙසය.තවානා සහ බිමන්දි අතර තරගයේදී වැඩි වෙහෙසක් දැන්නට බිමන්දිට නොහැකි වුව ද,අලී සහ ඉෂාරා අතර තරගයේදී ඉෂාරා සිය අත්දැකිම් සමඟ තරගය වැඩි වෙලාවක් පවත්වාගෙන යාම බොහෝ විට බිමන්දිගේ අඩු වෙහෙසට අවසාන තරගයේදී වාසි සහගත වීමට ඉඩ ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan