බාල ඖෂධ නඩුව:වෛද්‍ය කපිල වික්‍රමනායක ගැන තීරණය එළඹෙන 30ට කල් යයි!

Date:

කොළඹ LNW: ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සදහා මේ මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (14) නියෝග කර තිබේ.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ කැඳවනලැබිණ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබෙන බව ප්‍රකාශ කර තිබේ.

එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම පවසා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146(2) වගන්තිය යටතේ පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ බලය අධිකරණය වෙත පමණක් පැවරී තිබෙන බවයි. මේ අතර එම ඉල්ලීමට තමන් විරුද්ධ වන බවත් ඇය සඳහන් කර තිබුණි.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම පෙත්සම තම විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සම්බන්ධයෙන් විරෝධතාවයක් පවතින්නේ දැයි විමසා සිටි අතර එවැනි විරෝධතාවයක් නොමැති බව දෙපාර්ශවයේම නීතිඥවරු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...