ඉන්දියාව විසින් චීනයට ප්‍රවේශවිය නොහැකි ලෙස ‘X’ සමාජ ගිණුම් රැසක් අත්හිටුවයි

0
294

සටහන: සශිකලා මධුෂාණි
මැයි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දු – පාකිස්ථාන් අර්බුදය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් චීනයේ සමාජ මාධ්‍ය ගිනුම් රැසක් ඉන්දියාවේ තොරතුරු වලට ප්‍රවේශ විය නොහැකි ලෙස අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, චීනයේ නිල රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ෂින්හුවා හි X ගිණුම් සහ රාජ්‍ය අනුග්‍රහය ලත් ජාතිකවාදී ටැබ්ලොයිඩ් පුවත්පතක් වන ග්ලෝබල් ටයිම්ස් පුවත් අඩවිය, TRT හා තුර්කියේ TRTWorld පුවත් අඩවියද මෙලෙස ඉන්දියාව විසින් සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් කොට සලකා අවහිර කර ඇත.

ඉන්දියාව සහ පාකිස්තානය අතර සතුරුකම් උත්සන්න වීමෙන් පසුව, චීනය දෙපාර්ශ්වයෙන්ම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියද, එය පකිස්ථානයට වඩාත් සහාය දක්වන බව සැලකේ,
විශේෂයෙන් ඉන්දියානු යුධ ගුවන් යානා වෙඩි තබා බිම දැමීමට සම්බන්ධ වූ බව වාර්තා වන ප්‍රහාරක ජෙට් යානා ඇතුළුව එහි ආයුධ රැසක් චීනය විසින් සපයන ලද බව පාකිස්ථානය සඳහන් කර තිබේ.

මේ වන විට ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් දෙක වන ඉන්දියාව සහ චීනය හිමාලයේ සිට කිලෝමීටර් 3,800 ක මතභේදාත්මක දේශ සීමාවක් දිගේ ඉඳහිට තමන්ගේම හමුදා ගැටුම් ඇති කර ගනිමින් බිඳුණු සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් සිටියි.