*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

රනිල් අතට ගත් කැච් එක ගිනි බෝලයක්ද?

ඊයේ(12) වන විට ආණ්ඩුවක් නොමැතිව දින හතරක් සම්පූර්ණ වී තිබිණ. අගමැති ධූරය භාරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත.ඒ සැඩ පහරකට හසුව ගසා ගෙන යන අයකු බේරා ගැනීම පිණිස දියට පනින්නට බොහෝ දෙනා ඉදිරිපත් නොවන්නාක් මෙනි. සියල්ලන්ගේම පොදු කොන්දේසිය වූයේ ජනාධිපතිවරයා ඉවත්වුවහොත් පමණක් අගමැති ධූරය බාරගන්නා බව ය. මේ අතර පොහොට්ටුව සහ ස්වාධීන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව ය.

එමෙන්ම සජබ කණ්ඩායමක් ද රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න තීන්දු කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධූරය භාර ගැනීමට කොන්දේසි ඉදිරිපත් කිරීම නිසාවෙනි.ඒ රට සම්බන්ධයෙන් පවතින බිහිසුණු අවදානම හමුවේ කොන්දේසි විරහිතව වහා ඉදිරියට පැනිය යුතු තත්වයක් උද්ගතව තිබිය දීත් විපක්ෂ නායක වරයා ඊට පසුබාන ත්ත්වයක් තුළ ය.

දින හතරක් ආණ්ඩුවක් නොමැතිවීම ගැන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කීවේ සියොළඟ කිලිපොලා යන කතාවකි. ඔහු කීයේ දැනට පවත්නා ඩොලර් සංචිත සතියක භාණ්ඩ අපනයනයට වත් ප්‍රමාණවත් නොවන බවකි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන, ගෑස් මෙන්ම විදුලිය ද සැපයිය නොහැකි බවකි. එසේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම ද අර්බුදයක් බව ඔහු කීය. ඩොලර් සංචිත මෙන්ම රුපියල් සංචිත ද අවසන්ව ඇතැයි ඔහු සඳහන් වීම හමුවේ සතියක් තුළ රට දේශපාලණික වශයෙන් ස්ථාවර නොවුණ හොත් තමන් මහ බැංකු අධිපති අධිපති පදවියෙන් ඉල්ලා අස්වන බව ද ඔහු කීය.මහ බැංකු අධිපති වරයා ඒමඟින් අනියම් ව කියා සිටියේ මේ තත්වය හමුවේ මහ බැංකුව ද “වසා දමන්නට”සිදුවන බවකි.

මෙය ලෝක දේශපාලන,සමාජ ආර්ථිකය තුළ වුව අති බිහිසුණු බිඳ වැටීමකි.එවන් අස්ථාවර රටකට කිසිවෙකු උදව් කරන්නට ඉදිරිපත් වන්නේ නැත. සංචාරකයන් එන්නේ නැත. ආයෝජකයන් එන්නේ ද නැත. ඩොලර් නොමැතිවීම තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ගෙන ඒමට ද නොහැකි ය. පැය තුනක් කැපූ විදුලිය පැය 10 ක් 12 ක් දක්වා කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ද මහ බැංකු අධිපති වරයා සඳහන් කළේය.එය බරපතල තත්ත්වයකි. නමුත් දේශපාලනඥයන්ට හා ඔවුන් ගේ අනුගාමිකයන්ට එහි ගැටළුවක් නැත. ඔවුහු සියළු දෙනාම බොර දියේ මාළු බාමින් සිටිති. ආර්ථික අර්බුදය ගැන කිසිවෙකුටත් ගාණක් නැත. මේ අතර සිවිල් සමාජයේ ඇතැමුන් සිතන්නේ රාජපක්ෂලාට දඩුවම් කිරීමක් ගැන පමණකි.

රාජපක්ෂලාට දඩුවම් දිය යුතුම ය. එහි වාදයක් නැත.එහෙත්,ඊට පෙරාතුව දැනට පවතින බිහිසුණු වාතාවරණයෙන් රට මුදා ගත යුතුය.නැතහොත් රාජපක්ෂලා පසෙක සිටිය දී දඬුවම් විඳ ගැනීමට සිදු වන්නේ අපටම ය.එනිසා ඊට පෙර විශාල ගින්නකට හසු වූ නිවහනක් මෙන් දැවෙමින් පවත්නා ශ්‍රී ලංකා ආර්ථිකය ඉන් බේරා ගත යුතුම ය. රාජපක්ෂලාට දඩුවම් කළ පමණින් ආර්ථිකය ශක්තිමත් වන්නේ නැත. ඔවුන් සොරා කෑ අති විශාල ධනස්කන්ධය එක් රැයින් රටට ගෙන ඒමට ද නොහැකි ය. ඒ මන්ද ඔවුන් සොරා කෑ ජාතික ධනය රට තුළ නැත.

ඒවා ගැනීම ද පාරේ කතා කරන තරම් ලෙහෙසි පහසු ද නැත. එ කුමන තත්ත්වයේ වුව ද ජනතාව හාමතේ මිය යාම වැළකීම පිණිස ඉක්මණින් විසඳිය හැකි කෙනෙකුගේ සහාය ලබා ගැනීමේ කඩිනම් අවශ්‍යතාව පැන නැඟී තිබිණ. මෙය තවදුරටත් පැහැදිලි කළහොත් කුමක් වූ හදිසි රෝගාබාධයකට ලක් වූවකු එම රෝගාබාධය කුමක් හෝ වහා යොමු කළ යුත්තේ හදිසි ප්‍රතිකාර සඳහා ය.ඒ රෝගියාගේ ජීවිතාවදානම දුරලීම අන් සියල්ලටම වඩා වැදගත් බැවිනි.එම රෝගියාට වැළඳී ඇති රෝගය අනුව ඔහු ඊට අදාල අංශයකට යොමු කළ යුත්තේ ඉන් පසුව ය.එහෙත්,පවත්නා බිහිසුණු තත්වය වටහා නොගත් සෙසු විපක්ෂ දේශපාලනඥයෝ මෙම තත්වය දෙස දේශපාලනික කෝණ වලින් පමණක් බැලීමට කටයුතු කළේ පවත්නා කුරිරු යථාර්ථය අමතක කරලමිනි.

අඩුම තරමින් පාර්ලිමේන්තුවේ වැඩිම විපක්ෂ ආසන ගණනක් හිමි සජබ නායක වත්මන් විපක්ෂ නායකයා එය කළේ නැත. ඔහු කොන්දේසි දමමින් සිටියා මිස ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළේ නැත. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට ක්‍රම කිහිපයක් පවතියි.

ඒවා කෙටිකාලීන ක්‍රම නොව දීර්ඝ කාලීන ක්‍රමවේදයන් ය. එතෙක්, ආණ්ඩුවක් නොමැතිව රටක් පවත්වාගෙන යා නොහැකි ය.වත්මන් අරාජක තත්වය තව දින කිහිපයක් පැවතුණි නම් දවසේ පැය 24 න් පැය කිහිපයක් පමණක් විදුලිය දෙන තැනට පැමිණෙනු ඇත. කන්න බොන්න නැති වන විට මිනිසුන් රාජ්‍ය පෞද්ගලික දේපොල කොල්ල කනු ඇත.

පළමුව ආරක්ෂක අංශ මේ කොල්ලකරුවන්ට වෙඩි තැබූව ද රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා ගත නොහැකි වූ විට ආයුධ රැගෙන ආරක්ෂක අංශ සාමාජිකයන් ද රට නොව තම දරු පවුල් රැක ගැනීමට පාරට පැන කොල්ල කනු ඇත.මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ලොව ඇතැම් රටවලින් වාර්තා වී තිබේ.එවිට මුළු රටම සරණාගත තත්වයට පත් වනු ඇත. එක්සත් ජාතීන්ගේ හමුදා හා ආහාර ආයතන දෙන ආහාරයක් භුක්ති විඳ ජීවත්වීමට ජනතාවට සිදුවනු නියත ය.

මේ අනාගත උවදුර නොතේරෙන හෝ තැකීමක් නොකරන විපක්ෂ නායකවරයෙකු සිටිය දී රනිල් වික්‍රමසිංහ මෙම අභියෝගය බාර ගැනීමට ඉදිරිපත් විය. ඔහුට පොදුජන පෙරමුණේ මෙන්ම සමගි ජන බලවේගයේ ද කණ්ඩායම් සහාය දෙන බව කීහ. 12 දා සවස ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිව්රුම් දීමට තීන්දු කළේය..

මේ අතර සමගි ජනබලවේගයේ 11 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ හමුවූයේ 11 දා රාත්‍රියේ ය. එදිනම සවස චීන තානාපතිවරයා ද සජිත් ප්‍රේමදාස මුණ ගැසුනේය. ඉන් පසුව සජිත් ප්‍රේමදාස නිවේදනය කළේ කොන්දේසි හතරකට යටත්ව තමන් අගමැතිකම භාර ගැනීමට සුදානම් බව ය. එහි එක් තැනක සඳහන් වූයේ ජනාධිපතිවරයා ඉවත් වන නිශ්චිත කාලවකවානුවක් ප්‍රකාශ කළ යුතු බවකි.මේ තත්වය මත සජබ පාර්ලිමේන්තු කණ්ඩායමක් තමන්ට එරෙහිවීම මත 12 දා දහවල් කාලයේ ද පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කළ විපක්ෂ නායකවරයා තමන් අගමැතිධූරය භාර ගැනීමට කැමති බව දන්වමින් ජනාධිපතිවරයාට ලිපියක් යැව්වේය.

ඒ තම පක්ෂ සාමාජිකයන් රනිල් වික්‍රමසිංහ වෙතට සංක්‍රමණය වීම තුළ ඔහුට පක්ෂය අහිමිවීමේ අවදානමක් මතුවූ හෙයිනි.තාවකාලික පිළියමක් ලෙස එය මේ වන විට සාර්ථක වී තිබේ.නමුත් විපක්ෂ නායකවරයාගේ ලිපියට එසැනින් පිළිතුරු සැපයූ ජනාධිපති වරයා ඒ සඳහා වන අවස්ථාව නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම මත දැන් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බවත් නව කැබිනට්ටුව සඳහා සජබ නියෝජිතයන් නම් කරන්නේ නම් ඒ බව ද නොපමාවම දැනුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයාට මේ වන විට දන්වා තිබේ.

මේ වන විට ශ්‍රී ලාංකේය දේශපාලනයෙන් අතු ගෑවෙමින් තිබෙන රාජපක්ෂ පවුල නැවත දේශපාලනයට ගෙන ඒමේ කොන්තරාත්තුව රනිල් වික්‍රමසිංහ භාර ගෙන ඇතැයි යන්න ඔහුට එරෙහිව නැඟෙන පොදු චෝදනාව ය.

එහි යම් සත්‍යතාවක් තිබේ නම් ඒ වෙනුවෙන් තම මුලු දේශපාලන ජීවිතයම බිලි දෙන්නට රනිල් වික්‍රමසිංහට සිදුවනු ඇත.ගාලු මුවදොර කේන්ද්‍ර කර ගත් තරුණ දේශපාලන චින්තන පරිනාමයට පිටුපාන්නට තමන්ට නොහැකි බවත් මිනී වලක් හාරා මළ සිරුරක් ගොඩ දැමිය හැකි වුවත් ඒ මළ සිරුරට යළි පණ දීමට නොහැකි බවත් තේරුම් ගන්නට බැරි තරම් රනිල් වික්‍රමසිංහ මෝඩයකු නොවනු ඇතැයි යන්න අපගේ වැටහීම ය.

කෙසේ හෝ සජිත් ගෙන් “මිස් වුණු”අගමැති කම් නම් “කැච්”එක මේ වන විට රනිල් වික්‍රමසිංහ විසින් ඩැහැගෙන තිබේ.එහෙත්,මුලු රටම වසාගත් බිහිසුණු අර්බුදය ඉතාම කෙටි කාලයක් තුළ විසඳීම සම්බන්ධ අභියෝගය අනුව රනිල් අතර පත් ව ඇති කැච් එක ගිනි බෝලයකි.ඒ ගිනි බෝලය සම්බන්ධයෙන් ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග නොගත හොත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය ද ඉතා කෙටි කලක් තුළ ඒ ගින්නට හසුව දැවී පිළිස්සී යනු ඒකාන්තය.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan