ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපල කාලයක් – රිය අනතුරකින් ඇන්ඩෘ සයිමන්ඩ් මිය යයි !

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ් මරණයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී සිදු වූ මෝටර් රථ අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ටවුන්ස්විල්හි සයිමන්ඩ් ජීවත් වන ප්‍රදේශයේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඊයේ රාත්‍රී 11 න් පසු මෙම රිය අනතුර සිදුව ඇති අතර සයිමන්ඩ්ගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇති බවයි ක්වීන්ස්ලන්ඩ් පොලීසිය පවසන්නේ.

සුපරි තුන් ඉරියව් ක්‍රීඩකයා මරණයට පත්වන විට 46 හැවිරිදි වියේ පසුවිය.

සයිමන්ඩ් මෙම වසර තුළදී මියගිය තෙවැනි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයායි. පසුගිය මාර්තු මස මුල් සතියේදී හිටපු කඩුලු රකින්නෙකු වූ රොඩ්නි මාෂ් මියගිය අතර එම මරණය වාර්තා වී පැය කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් සමස්ත ක්‍රිකට් ලෝකයම සසල වූයේ ලොව සුපිරිතම පාදඟ පන්දු යවන්නා වූ ෂේන් වෝර්න් මියගිය පුවත වාර්තා වීමත් සමගයි. වෝර්න් හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් මියගියේ තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීය.

1998 වසරේදී ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබූ සයිමන්ඩ් ටෙස්ට් තරග 26 ක්, එක්දින තරග 198 ක් හා 20/20 තරග 14 ක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාවන්ත විය. 2003 සහ 2007 එක්දින ලෝක කුසලාන තරගාවලි ද්විත්වය ජයග්‍රහණය කළ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසද සයිමන්ඩ් කටයුතු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...