*
Monday, September 30, 2024
spot_img

Latest Posts

යක්ෂයන්ගේ ප්‍රහාරයට නතු නොවූ රුධිරයෙන් ඇඳුණු සුජාත චිත්‍රය

අරගලය වර්ණවත් කළ ගෝටාගෝගම චිත්‍රාගාරය අළු කරමින් තමයි ත්‍රාඩ දේශපාලනය ගෝටාගෝගමට පිවිසීම ආරම්භ කළේ.වයස් බේදයකින් තොරව වර්ණ ඇතිරූ මිනිස්සුන්ගේ ආදරය,සෙනෙහස සහ විරෝධය ඒ සිතුවම්වල තිබුණා.විශේෂයෙන්ම කඳුළුත් ඒ මත වැටී තිබුණා.ලේ ත් තිබුණා.

ලේ,කඳුළු දහඩියවලට රටේ මිනිස්සුන්ට උපයාගන්න බැරි වුණු දේවල් හොරු අරගෙන.ඒ හොරු ඇල්ලිමත්,ඒ හොරු හඳුනාගැනීමත්,නැවත හොරකම් කරන්නට නොහැකිවන්නට ප්‍රතිපත්ති සම්පාදනයත් අරගලබිමේ මුඛ්‍ය අරමුණු මත රැඳෙනවා.

මේ සියල්ල වර්ණමය සහ රේඛාමය හැඟීම් බවට පෙරැළීමට තිබුණු අවකාශය හරිම අපූරු අත්දැකීමක් වුණා.පිළියන්දල තරුණයෙක් ඇඳපු චිත්‍රයට බොහෝ දුරින් තමයි වර්ණ එකතු කරගන්න තිබුණෙ.ඔහු ඒ මේ අතට වර්ණ එකතු කරන්නට යන මඟේ වෙහෙස දුරලන්න ඉදිරිපත් වෙන්නෙ ඔහු කවදාවත් දැක නොමැති හැටන් හී සිට පැමිණි තරුණයෙක්.

වර්ණවලට එහෙම ශක්තියක් තිබ්බා.ඒවායේ ආදරය කියව ගැනීමම හරිම සුන්දරයි.මෙතැනට බොහෝ අය ආවා.බොහෝ අය උදව් කරන්න ආවා.දවසින් දවස අරගලයෙ දරුවන්ගෙ නවාතැනක් වෙච්චි මේකෙ ඔවුන් තමන්ගෙ විරෝධයට වර්ණයක් එකතු කරා.රූපයක් එකතු කරා.තවත් අය වෙනම ආරක චිත්‍ර ඇද්දා.
ලේ කඳුළු දහදිය හෙලීමෙන් තැනූ ලෝකයෙ ඊට හිමි වටිනාකම අහිමි මිනිසුන්ගේ අරගලයේ පාට ඒ රූප අතර වර්ණ අතර දිලෙන්න ගත්තම සුජිත් රත්නායකගෙ චිත්‍රාගාරයට සහෘද වූ මිනිස්සු බෝ වුණා.එහෙම ආදරය දෙන්න,වචනයක් කතා කරන්න ආපු මිනිස්සු අතරට බර දැනෙන හැඟීම් අරගෙන ආපු සුන්දර යුවතියක් තමයි ඉෂාධි යද්දෙහිගේ.ඇයට අරගලය ගැන ගැඹුරු හැඟීමක් තිබුණා.ඒ සම්බන්ධ ප්‍රකාශනය පෙණුමේ සියුමැලිම ඉක්ම වූ ආදරයේ පතුළටම කිදා බැසගත් එකක් වුණා.ඒක මතුපිටට රළු වුණත් දැවන්ත ආදරණිය කැප කිරීමක්.
මේ අරගලය යට දිවෙන හේතු පාඨය තමන් ලෙයින් කඳුළින් දිනා ගත් දේ අහිමි කිරිම,සොරා කෑම මණක් නෙමෙයි ඒ සඳහා තමන්ට පිළියමට ගත හැකි ව්‍යවස්ථාමය මාර්ගය දේශපාලන බලාධිකාරය තමන්ගේ සුව පහසුව වෙනුවෙන් වැය කිරීම.රැකවරණයට ඇති මහජන ආරක්ෂක කුළුණු සියල්ල මත රාජපක්ෂ රෙජිමයේ බලය අතුරා අසරණ වීමෙන් ඉනික්බිතිව නැවත ඉපදෙන තැන හැටියට තමයි ගෝඨාගෝගම ස්ථාපිතව තිබුණේ.
එය පුදන්නට මෙන්ම,එය අගයන්නට මෙන්ම ඊට පදනම් වූ කුරිරු දේශපාලන සත්‍යය හෙළිදරව් කරන්නට වෘත්තියෙන් කථිකාචාර්යවරියක වූ ඉෂාදි තෝරා ගෙන තිබුණු මාධ්‍ය චිත්‍රය වුණා.ඒ චිත්‍රය ඉදිරිපත් කරන්නට ඇය කැන්වසය මත තවරන්න තීරණය කර තිබුණේ රුහිරු.

සුජිත් රත්නායක සිය සමීපතමයන් හා කතා කරද්දි ඔහුගේ මෙන්ම අන් හැමගේම ගෞරවය ඉෂාධිට හිමි වුණා.ඇය ඉදිරියේ වචන නොවුණාට ඒ පුවත දත් සියල්ල සරලවම සහ ගැඹුරින්ම ඇයව හැඳින්වියේ මාර මරු කෙල්ලකේ කියන වචනවලින්.ඒවා පුංචි සුලබ වචන වුණාට ඇතුළෙ තිබුණෙ ඇය ගැන උපන් හදවතේ ගැඹුරුම ගෞරවය.
කොහොම හරි දිනය අවිවේකී රටාවන් වගේම සුජිත් රත්නායකට නුවර ගෝඨාගෝගමට යන්නට සිඳුවීම වැනි කරුණුත් සමඟ පසු බැස්සා.ඒ අතරේ රාජපක්ෂ රෙජිමයෝ සැබෑ යක්ෂ මුහුණ චිත්‍රාගාරය අළු දූලි බවට පත් කරමින් යකඩ පොලු,මුඟුරු,පිහි රැගෙන ගෝඨාගෝගම විනාශ කරා.සෞන්දර්‍යාත්මක ප්‍රකාශ රැඳුණු වර්ණවත් සෞන්දර්ය යක්ෂයන්ට ගෝචර වුණේ නැහැ.එහි සිටියේ පෙරේත තට්ටුවට තබා තිබුණු රුපියල් පන්දහස,අරක්කු වීදුරුව,බත් පැකට් එක වැනි කරුණුවලින් සනසන්න හුරු කරපු යක්ෂයො.ඔවුන් ඒ දොල වෙනුවෙන් පූජාව පුද කර කාළකණ්නියන්ගේ හිත සුව පිණිස ඔවුන්ගේ රුචිය අනුව ඕනෑම බොටුවක් කඩා ලේ බොන්නට හුරු වූ පිරිසක්.
පුංචිම දුව පුතා මුණුපුරු මිණිපිරියන් ඒ යක්ෂයන්ට වැදගත් වුණේ නැහැ.ඒ අයගෙ පාට ඇලුණු සිත්තම් ඔවුන් අතින් ගිණිබත් වුණේ කිසිඳු තෙතක් නැති කාලකණ්නි ආකාරයකට.ඒ ඉතුරු වූ අළු අතර තිබුණෙ දවා අළු කරන්න බැරි ලස්සන මතක.ඒත් ඒවා රූපමය යථාර්තයක් නොවන වපසරියක ඇස්වලින් තැබුවේ කඳුළු.ඒ කඳුළු අස්සෙ මීට පෙර ඉෂානි යෝජනා කරාටත් වඩා අවස්ථාවක් ඇයගේ යෝජනාවට විවෘත වෙලා තිබුණා.ඇය වඩාත් දුෂ්කරම මොහොතේ ඒ අදහස ක්‍රියාවට නඟන්නට තීරණය කරා.මාරාවේශ වූ යක්ෂයන්ගේ පා පහසින්,ගිණි දැල් වලින් සුජාත වූ මනුස්සකමේ සිතුවමට ඇය සිය රුධිරය මුසු කරා.ඒ අළු රුධිරය සමඟ කැන්වසය මත තැවරුණා.මේ අදාරණිය චිත්‍රය අරගලයට අරගෙන ආපු ලක්ෂ ගණනක භෞතික වටිනාකම් සහ අමිල ආත්මීය වටිනාකම් දවා අළු කර තිබියදීත් සුජිත් රත්නායක තමන්ගේ බිම ඒ වෙනුවෙන් ඉෂානිට විවර කරමින් ඇය අසළම සිටියා.තමන්ගේ දෑතත් එකතු කර ඒ අඟුරු සහ අළු ඉෂානිගේ චිත්‍රය මත තැවරුවා.මේ චිත්‍රණය තුල මතුවන හැඟීම සත්සර අතරට ගොනු කර ගැඹුරු ප්‍රකාශයක ගිල්වා තවත් විචිත්‍ර කරන්නට අජිත් තිලකසිරි ඇතුළු සංගීතවේදීන් කැප වුණා.
ගිණිතබා මකා දමන්නට බැරි කලාවේ ආදරණිය ගැඹුරුම තැනින් මතුවන ඉෂානිගේ ප්‍රකාශය සහ සුජිත්ගේ සහ අජිත් ඇතුළු පිරසගේ ආදරය යක්ෂයන්ට සුජාත මනුස්සකම නසා දමන්නට නොහැකි බව ප්‍රකාශ කළා.ප්‍රචණ්ඩ නොවුණත් ඒක ධෛර්්‍යවන්ත ප්‍රකාශයක්.අභිත ප්‍රකාශයක්.පසු නොබසින් බවට අරගල භූමියෙන් නැඟුණු එඩිතරකමේ සංඛේතයක්.

ඔව් අරගලය මැකි නොගිය බවට එය තිබුණාටත් වඩා වර්ණවත් වන බවට ඉෂාධි යද්දේහිගේ සුජිත් රත්නායකගේ ආශිර්වාදය ඇතුළු තැබූ චිත්‍රමය සටහන මනුස්සකම සුජාතබවින් පෝෂණය වූ සමාජයක දවසක අමරණිය සිහිවටනයක් වෙනවා සත්තයි,සහතිකයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan