මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාලව සැකකරුවන් 230 ක් අත්අඩංගුවට

Date:

මැයි 09 වැනිදා ගාලුමුවදොර අදල විරෝධතාවයට පහරදීමෙන් පසුව රටපුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඉන් සැකකරුවන් 68 ක් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

මැති ඇමතිවරුන්ගේ, ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ නිවසා, වාහන, වෙනත් දේපල ගිනි තැබීම් ඇතුළු සිදුවීම් 707 ක් වාර්තා වී තිබෙනවා. අදාල සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිටත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

මේ අතර ගාලුමුවදොර විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුවන පරීක්ෂණවලට අදාලව මේ වනවිට පුද්ගලයන් 170 කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. වීඩියෝ සාක්ෂි විමර්ශනය කිරීමෙන් පසුව තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...