ඉදිරි දින කිහිපය තුළ පැය 10කට අධික විදුලි කප්පාදුවක අවදානමක් ?

0
1173

ඉදිරි දින කිහිපය තුළ පැය 10කට අධික විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවීමේ අවදානමක් මතුව ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඩීසල් තොග අවසන් වීම හේතුවෙන් සියලුම ඩීසල් විදුලි බලාගාර අක්‍රිය වීමත් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් තවමත් අක්‍රිය තත්වයේ පැවතීමත් යන හේතු මත මෙම තත්වය උද්ගත විය හැකි බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන් ඉදිරි කාලය සඳහා ඩීසල් තොග ඇනවුම් කිරීමට හෝ කටයුතු කර නොමැති වීම හේතුවෙන් තත්වය තවත් සංකීර්ණ වී ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් හෙට (16) දිනයේ ද වෙසක් උත්සවය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර ඇත්තේ.

RN