බදු ප්‍රශ්නයට හේතුව ගැන ධම්මිකගෙන් පැහැදිලි කිරීමක් (VIDEO)

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයෙහි උද්ගතව ඇති වත්මන් අර්බුදකාරී තත්වයට හේතුවත් ඩොලර් හිඟය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

“ලංකාවේ බදු ක්‍රමයේ මේ වගේ තත්වයක් ඇතිවෙලා තියෙන්නෙ ඇයි, ඩොලර් හිඟයත් එක්ක ආනයන අඩුවෙලා තියෙනවා. එතකොට ආනයන අඩු වුණායින් පස්සේ රේගු බදුවලින් ලැබෙන ඒ මුදල් අඩුවෙලා තියෙනවා. ඒ මුදල අඩුවුණායින් පස්සේ, ඒ මුදල් ටික හොයාගන්න අනිත් තැන්වලින් බදු වැඩිකරලා තියෙනවා. එතකොට ඒක තමයි මූලිකම දේ. මේකෙ මූලිකම ප්‍රශ්නය ඩොලර් නැතිකම නේ … එතකොට ඩොලර් නැතිකමට ඩොලර් හොයන වැඩපිළිවෙලක් නම් තවම දැකලා නෑ”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මිද්දෙණිය ශ්‍රී සුමංගල පිරිවෙණෙහි “ඩීපී කෝඩින් ස්කූල් සහ රොබොටික්ස් කැම්පස්” ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...