*
Monday, May 6, 2024
spot_img

Latest Posts

දකුණේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර !

ඊයේ (14) දිනයේ පැවති අධික වැසි තත්වය හමුවේ ගිං ගඟ සහ නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

තවලම, නෙළුව, මොරවක, අකුරැස්ස, අතුරලිය, පිටබැද්දර සහ කොටපොල යන ප්‍රදේශවල පහත්බිම් මෙසේ ජලයෙන් යටවුණු බව වාර්තා විය.

දෙනියාය – අකුරැස්ස මාර්ගයට පස්කඳු කිහිපයක් කඩාවැටීම නිසා එහි ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු අතර එහි බස් රථ ධාවනය ද තාවකාලිකව නවතා දමා තිබිණි.

නෙළුව – මොරවක මාර්ගයේ අලපලාදෙනිය ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනය ද අවහිර වී තිබිණි.

අකුරැස්ස – තවලම ප්‍රධාන මාර්ගය ද තලංගල්ල ප්‍රදේශයේදී ජලයෙන් යටව ඇත.

මේ අතර ගිං ගඟ පිටාර ගැලීම නිසා මාපලගම – මාලමුර මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු බවත් වාර්තා විය.

මෙම තත්වය හමුවේ තවලම, නෙළුව, මොරවක, ඕපාත, වීරපාන ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය ඇනහිට තිබුණු බවත් සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan