හරීන් සමග ඉදිරි දේශපාලන ගමන යනවා – වඩිවේල් සුරේෂ්ගෙන් යළි ආන්දෝලනාත්මක කතාවක් (VIDEO)

Date:

තමන් ඉදිරියේදී දේශපාලනය කරන්නේ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි.

“මේ හරීන් ඇමතිතුමා වැඩ කරන්න දක්ෂයෙක්. දැන් මෙතන මාධ්‍යවේදීන්ටත් ප්‍රශ්නයක් එයි වඩිවේල් සුරේෂ් මොකද මෙතන ඉන්නෙ කියලා. මම ඒ පක්ෂෙ, මේ පක්ෂෙ නෙවෙයි මම හරීන්ගෙ පක්ෂෙ. ඒකෙ කිසි ගැටලුවක් නෑ, අපි ඉදිරියට එකට තමයි යන්නෙ. ඡන්දෙ ඉල්ලන්නෙත් හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා එක්ක. මට ලාංඡනේ, පක්ෂෙ ප්‍රශ්නයක් නෙවෙයි. එයාත් එක්ක තමයි ඒ ගමන යන්නේ. අපේ වෘත්තීය සමිතියේ එතුමා සභාපතිතුමා, මම මහලේකම්. ඉතින් සභාපතිතුමායි මහලේකම්තුමායි දෙන්නාම එක පැත්තේ තමයි ඉන්න ඕනෙ. ඒකත් අපි තේරුම් අරගෙන තියෙන්නේ. ඒක වෙලාව සහ වැඩපිළිවෙල හරියට බේරාගෙන අපි දෙගොල්ලොම එකට යන්නෙ. ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වතුකරයත් ගමත් එකතු කරගෙන යන්නේ. අපේ ඉදිරි ගමනත් ඒක තමයි”

වඩිවේල් සුරේෂ් මහතා මේ බව පැවසුවේ ඊයේ (14) සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවති සින්නක්කර ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනි.

වඩිවේල් සුරේෂ් මහතා පසුගිය දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබුණු අතර පිල් මාරුවක් සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සිටියේය. කෙසේවෙතත් ඔහු හෙට දිනයේදී වෙනම කතාවක් කියයිදැයි හරියටම කීමටත් නොහැක.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...